කුසේ සිටින පුංචි පැටියාගේ මනස

කුසේ සිටින පුංචි පැටියාගේ මනස

හිහිතේ තිබුණ ලොකුම බලාපොරොත්තුවත් ඉෂ්ඨ උනා.දැන් බලාපොරොත්තු පොදි බැදගෙන නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්නේ පුංචි පැටියා ලගට එනකම්.මේ පුංචි පැටියාව ඔබ ඇස් දෙක වගේම කුසේ තියාගෙන රකිනවා කියන  කාරණය නම් අපි හොදාකාරවම දන්නවා.ඉතින් මේ පැටියාගේ පෝෂණයට කියලා ඔයාලා හොද පෝෂ්‍යදායි ආහාර වේලක් අනිවාර්යෙන්ම ගන්නවා.මොකද අපි හැමෝම බලාපොරොත්තු වෙන්නේ හොද නිරෝගිමත් පැටියෙක්.කෙටියෙන් කීවොත් හොද උපත් බරක් තියෙන බබෙක්.අපි පැටියාගේ පෝෂණය වගේම එයාගේ මනස ගැනත් හිතන්න ඕන.අපි හැමෝම කැමතියි බුද්ධිමත් හොද පෞර්ෂ්‍යයක් තියෙන බබෙක් සමාජයට දායාද කරන්න.මේකට අඩිතාලම පැටියා කුසේ ඉද්දිම අපිට දාන්න පුලුවන්.ඒ ගැන තමයි අද ලිපියෙන් අපි කතා කරන්න යන්නේ.

 

සංගීතය භාවනාවක්

ගර්භණී මවකගේ දෙවෙනි මාසය වන විට කලල රූපයේ ඇස්,කන් සහ නාසය යන ඉන්ද්‍රියන් ඉතා පැහැදිලිව දැකගත හැකියි.ඒ වගේම පස්වන මාසය පමණ වන විට කලලය සම්පූර්ණයෙන්ම වර්ධනය වන අතර මවගේ කුසේදිම විවිධ ශබ්දයන් ශ්‍රවනය  කිරීමේ  හැකියාව මේ කුසේ ඉන්න පුංචි පැටියාට ලැබෙනවා.අපි හැමෝම දන්නවා සංගිතය කියන්නේ ඖෂධයක්.වෛද්‍ය විශේෂඥවරුන්ද විවිධ පර්යේෂණ මගින් සනාථ කර ඇත්තේ සංගීතය යනු මනස සැහැල්ලු කරගැනීමට සහ සන්සුන් කරගැනීමට ගත හැකි දිව්‍යමය ඖෂධයක් බවයි.ගැබිණි මව්වරුන්ට සිය මානසික යහපැවැත්ම මනාව පවත්වා ගැනීමට මෙන්ම කුසේ වැඩෙන පුංචි පැටියාගේ මානසික යහ පැවැත්මටත් මනා අත්වැලක් වෙනවා.සාමාන්‍යය කාන්තාවකට වඩා ගර්භණී මවක් ඉක්මනින් මානසික පීඩනයන්ට ලක් වෙනවා.ගර්භණී කාලය පුරාවටම ඇයගේ ශරීරයේ සිදුවන වෙනස්කම් මෙයට බලපානවා.ඒ නිසා ඇය ඉක්මනින් කෝපයටත්,දුකටත් පත්වෙනවා.මේ මානසික පීඩනයෙන් මිදීමට හොදම විසදුම තමයි සංගීතයට සවන් දීම.

කුසේ ඉන්නපුංචි පැටියාට ඇහෙනවා ද?

අපි මුලින් ම කතා කරානේ මාස 5ක් වෙන කොට කලලය සම්පූර්ණයෙන්ම වර්ධනය වෙලායි තියෙන්නේ කියලා.මෙන්න මේ කාලයේ දි මව සංගීතයට සවන් දෙන විට කුස තුළ සිටින පැටියාත් සංගීතයට සවන් දෙනවා.එයා කුසේ ඉද්දිම අම්මා එක්කම සංගීතය රසවිදිනවා.මේ සංගීතයට සවන් දීම මගින් මව සහ පැටියා සමග අතර ඇති අනයොන්‍යය
සම්බන්ධතාවය වර්ධනය වන අතර දෙදෙනා අතර සෙනෙහසේ බැදීමත් වැඩි වෙනවා.ඔබ දන්නවා ද පැටියා මේ ලෝකෙට බිහිවෙලා එයා වැඩිවියට පත් වෙනකොට යහගුණ ධර්මයන්ගෙන් පෝෂණය වුණ පුරවැසියෙක් බවට පත් වීමටත් මේ සංගීතය මනා පිටිවහලක් වෙනවා.හැබැයි ඉතින් පැටියාට ඇහෙන්න කියලා මහ සද්දෙන් සිංදු දාන්නවත්,කුස මත හෙඩ්ෆෝන් හෝ ස්පීකර් තැබීම කිසිසේත්ම සිදුනොකල යුතුයි.කුසේ සිටින පුංචි පැටියාට ඉතා මෟදු හඩවල් පවා ඇහෙනවා.පුංචි පැටියාට වඩාත් ගැලපෙන්නේ ඩෙසිබල් 70ට වඩා අඩු ශබ්දයි.ගැබිණි මවකට ඇසීමට සුදුසු ගීත කිහිපයක් ගැන කතා කලොත්,
 

·         නිරෝෂා විරාජිනි මහත්මියගේ සුදු ඇත් පොව්වෙක්

·         ත්‍යාගා එඩ්වඩ් මහත්මියගේ සෙනෙහස රන් සිංහාසන හදෙහි මැවෙනවා

·         මරියසෙල් ගුණතිලක මහත්මියගේ සිහින නෙලුම් මල්

වැනි ගීත ඉතාමත් සුදුසුයි.ගැබිනි සමයේදි ඔබගේ රුචිය අනුව නිතර ගීත අසන්න,ගයන්න,රසවිදින්න.එය ඔබටත් නූපන් බිළිදාගේ මතු දවසටත් යහපතක් වෙනවා නොඅනුමානයි.

කුසේ ඉන්න පැටියාට අත්කම්

 

කුසේ ඉන්න ආදරණීය අමුත්තා පිලිගන්න ඔබ දැන් ලහි ලහියේ සූදානම් වෙනවා ඇති.පුංචි පැටියාගේ කාමරය සරසන්න විවිධ පිංතූර ගත හැකි ස්ථාන පිළිබද ඔබ හොයනවා ඇති.විසදුම ඔබ ලගමයි.ඔබට පුලුවන් පුංචි පැටියාගේ කාමරය සරසන්න පිංතූර ඔබම නිර්මාණය කරගන්න.පුංච් පුංච් අත්කම් කරන්න.මේ සදහා ඔබට වැඩි වියදමක් යන්නේ නෑ වගේම පැටියාගේ මනසේ වර්ධනයටත් මනා පිටිවහලක්.හැමවෙලේම මතක තියා ගන්න පැටියාට අම්මාව ගොඩාක් දැනෙනවා.ඔබ මේ දේවල් සකසද්දි පැටියා ආසාවෙන් ඔයා එක්කම ඉන්නවා.ඒ නිර්මාණ වලින් පැටියාගේ කාමරය ලස්සන කරාම ඔයාටත් නොච්චර සතුටු ද?ඒ වගේම ඔයාට පුලුවන් පැටියාට අවශ්‍යය ඇදුම් ඔබේ අතින්ම නිර්මාණය කරගන්න.ඒකෙන් පැටියාට ඔයා ගැන තියෙන සෙනෙහස තවත් වැඩි වේවි.ගර්භණී කාලයේ හැම මොහොතක්ම සතුටින් විදගන්න.

භාවනාව පැටියාට බලපානවාද?

                         වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම භාවනාව හිතට ගෙන දෙන්නේ පුදුමාකාර නිවීමක්.ඔබට පුලුවන් නම් උදෑසන කාලයේ හෝ නින්දට යෑමට පෙර මේ සදහා යම් වේලාවක් වෙන් කිරීමට ඔබේ මනස සැහැල්ලු වෙනවා වගේම කුසේ ඉන්න පැටියාගේ මනසේ වර්ධනයට මෙන්ම බුද්ධි වර්ධනයටත් මෙය මනාව බලපානවා.මේ සදහා ඔබට විශාල කාලයක් වැය කිරීමට අවශ්‍යය වෙන්නේ නෑ.පුංචි විනාඩි 10ක් හොදටම ඇති.

                                      මේ කාලයේදි ඔබ මනස සැහැල්ලුවෙන් තියාගන්න.සතුටින් ඉන්න.ඔබ සතුටින් නම් ඔබගේ පැටියාත් සතුටින්.

                                                                                                                                                    

Leave a Comment

Your email address will not be published. Required fields are marked *