Author name: hailey

Finding European Women Dating Online

Value their area and be sincere when dating Continental girls. They prefer a agreement that places an emphasis on reciprocal respect and equality and are frequently less influenced by Western lesbian viewpoints. Secondly, they may value family life and generosity and hold a more traditional perspective on relationships. Many Western people find it difficult to understand these variations. They may also serve as a way to gain knowledge about a different tradition and form a sturdy, lasting bond european-dating-sites.com. It is crucial to pick a reliable dating webpage that places a high value on customer health and info protection when looking for the best dating sites in europe. Look for a website that reviews information, uses extensive search tools, and offers prime features like videos dates. Secondly, make sure to take the time to create a thorough page and make use of all the communication tools you have access to to speak with German singles in a significant way. Sofiadate, Amourfactory, and Elitesingles are some of the most well-known dating sites in europe. Each has its own distinctive set of characteristics, but all three offer exemplary patterns and a wide range of connection equipment. Amourfactory allows users to upload up to 30 pictures and add a profile film, while Sofiadate, for example, has a high level of profile aspect and a wide range of image options. Meeting Continental women online is a great way to find anyone who shares your interests and values. Many Western singles are well-traveled and have a large worldview, making them the perfect place to meet for academic discussion and exploration. Moreover, they are frequently very educated and can provide a wealth of knowledge on a range of subjects, from famous tradition to politics and religion. Ties are normally open-minded and tend to take them more severely than their counterparts in various parts of the world. They frequently have a strong sense of personal style and fashion, too. Dating Continental ladies can therefore be an exciting and rewarding experience. European ladies are not anxious or strenuous, despite their wish for intimacy and empathy. Additionally, they normally don’t enjoy games and will openly discuss their emotions and relationship status. They likewise favor an identical footing in terms of income, which some Eastern males find hard. The majority of Western people are open to international dating and are ready to help the appropriate person find a career in a new state. For a variety of causes, including better job leads and better educational aspirations, they may decide to relocate. Additionally, many of them use dating sites while traveling overseas to find love and companionship. Although having cultural and linguistic differences may present challenges for foreign seeing, these obstacles can be overcome with perseverance, endurance, and an understanding of the German mindset. Find a stunning German girl who does enrich your life and make a genuine associate with the right method. With a little planning and research, you may meet Western ladies online and form a strong, lasting relationship.

බබා ගෙදර ඇති කරන පූසා වගේ වෙයි ද?

ආදරණීයම තිලිණයක් ජීවිතයට හම්බෙනකම් විවාහ උන යුවලක් බලන් ඉන්නේ හරිම ආදරයෙන්.ඔව් ඔබ හිතුවා හරි පුංචිම පුංචි කිරි කැටියෙක් තමයි ඒ ආදරණීයම තිළිණය.ඒ කිරි කැටියා එනකම් පවුලේ හැමෝම වගේ ම වට පිටාවේ අයත් බලන් ඉන්නවා.පුංචි පැටවුන්ට ඉතින් අපි හැමෝම ගොඩාක් ආදරෙයිනේ.හැබැයි මේ බලන් ඉන්න අය අතරේ ගොඩාක් අය ඉන්නවා පුංචි පැටියා කුස දරන් ඉන්න අම්මාගේ හිත ගැස්සෙන කතා කියන.අද ලිපියෙන් බලාපොරොත්තු වෙන්නේ ඒ හිත බය කරන,හිතට වද දෙන කතා වලින් හිතට දැනෙන බය නැති කරලා දාන්න.එහෙනම් අපි බලමු ගර්භණී කාලය හා සම්බන්ධ මිත්‍යා මත සහ ඒවායෙහි සත්‍ය අසත්‍යතාවය. ගර්භණී කාලයේ සුරතලුන් හැදුවාම බබා ඒ වගේ වෙනවා ද? සුරතල් සතුන්ට අපි හැමෝම කැමතියිනේ.ඉතින් ගොඩාක් ගෙවල් වල බොහෝ දුරට සුරතල් බලු පැටියෙක්,පූස් පැටියෙක් වගේ සුරතල් සතෙක් ඉන්නවා.හැබැයි ගොඩාක් අපේ පැරැන්නෝ කියන කතාවක් තමයි දරුවෙක් හමිබෙන්න ඉන්න අම්මෙක් ඉන්න ගෙදරක සුරතල් සතෙක් හැදුවොත් අපෝ ඔය සතාව අල්ලන්න එපා,කොහෙට හරි ගිහින් දාන්න බබා ඒ වගේ වෙයි කියන එක.මේක සම්පූර්ණයෙන්ම බොරු කතාවක්.අත්දැකීමක් ඇසුරින් ගත්තොත් මගේ බබා ලැබෙන්න ඉන්න කාලේ මන් ලග හිටියා කලුපාට පොඩි බලු පැටියෙක් ගොඩාක් අය කීවා බබා ඔය වගේ වෙයි,බබා කලු වෙයි වගේ කතා.මන් කමක් නෑ කලුත් පාටක්නේ කියලා එයා මන් ලගම තියන් හිටියා.මොකද මන් පෞද්ගලිකව සත්තුන්ට ගොඩාක් ආදරේ කෙනෙක්.දන්නවාද මට ලැබුණේ සුදුම සුදු ලස්සනම ලස්සන රෝස මලක්.එයාත් සත්තුන්ට හරිම ආස බබෙක්.පරීක්ෂණ මගින් සොයාගෙන තියෙනවා ගර්භණී කාලයේ සුරතල් සතුන් ඇති කිරීම මනසට ඉතාමත්ම හිතකර බව.හැබැයි ඒ සතුන් එන්නත් කරලා පිරිසිදුව තියාගන්න.මොකද එයාලාගෙන් රෝග බෝවෙන්න පුලුවන්. නොකා නොබී හිටියොත් බබා ලොකු වෙනවා ද? තවත් කතාවක් හොදට බඩ හිරවෙන්න කෑවම බබා ලෙකු වෙන්නේ නෑ.හොදට හැදෙනවා.නොකා හිටියොත් බබා ලොකු වෙනවා කියන එක.ඇත්තම කියනවා බබා ඉන්නේ ආමාෂය ඇතුලේ නෙවෙයි ගර්භාෂය ඇතුලේ.ඉතින් කොහොමද කන කෑම නිසා බබා හිරවෙන්නේ.හැබැයි ඔයා ගන්න කෑම වල පෝෂණය වැදෑමහ හරහා පුංචි පැටියාට යනවා.ඒ නිසා ඔයා අනිවාර්යෙන්ම හොද පෝෂ්‍යදායි සමබල ආහාර වේලක් ගත යුතුමයි. මාස 7ක් පහුවෙනකම් බබාගේ බඩු ගන්න එපා මෙහෙම කියන්නේ නම් පැරැන්නෝ කියන විදියට මාස 7ට කලින් බබාට යම් හෙයකින් අනතුරක් උනොත් කියලා.මොකද ඉස්සර දැන් වගේ තාක්ෂණය දියුණු නෑ.හැබැයි දැන් බංඩියේ ඉන්න පැටියා ආරක්ෂා කරගන්නත් මිහිපිට දෙව්වරුන්ට පුලුවන්.ඒ වගේ ම ඒ බඩු දැක්කම අම්මාට දුකත් වැඩියිනේ.හැබැයි දැන්නම් කියන්නේ මාස 5ක් වෙද්දිවත් අම්මාගෙයි බබාගෙයි බඩු ලෑස්ති කරගන්න කියලා.මොකද මාස 5න් පස්සේ රෝහල් ගතවන ඕනෑම අවස්තාවක දි මේ බඩු අරගෙනයි රෝහල් ගත විය යුත්තේ.ඒ නිසා කවුරුත් කියන දේවල් වැඩිය ගනන් නොගෙන මාස 5ක් වෙද්දිවත් බඩු ටික ලෑස්ති කරගන්න. මාස 3ක් පහුවෙනකම් කාටවත්ම කියන්න එපා යම් හෙයකින් දරුපැටියා නැති උනොත් ගොඩාක් අය දැනන් හිටියම අම්මාගේ හිත රිදෙන තරම් වැඩියි.මොකද හම්බෙන හම්බෙන අය දුක බෙදාගන්නවට වඩා කරන්නේ හීනියට හිත රිද්දන එක.ඒ ඇරෙන්න කාටවත් කීවා කියලා කුසේ ඉන්න පුංචි පැටියාට කිසිම හානියක් සිද්ධ වෙන්නේ නෑ. හැම එකටම දොස්තරලා හොයන්න යන්න එපා. ගොඩාක් අය කියනවා හැම දේටම දොස්තරලා පස්සේයන්න එපා.හැම මාසේ ම ස්කෑන් පරීක්ෂණ කරන්න සුදුසු නෑ කියලා.ඇත්තටම ඔබේ තත්වය දන්නේ ඔබේ වෛදඔවරටා පමණයි.ඒ නිසා ඔබට යම් අසනීප තත්වයක් ඇත්නම් වෛද්‍යවරයෙක්ගේ උපදෙස් පැතිය යුතුමයි. මේ කියන කාරණා ඔබේ ඔලුවට වැටුණා නම් ඔබ කල යුතු එකම දේ ගමේ වෛද්‍යවරුන්ගෙන් නැතිව ඔබේ උපාධියක් ඇති පුසව හා නාරිවේද වෛද්‍යවරයාගේ උපදෙස් පරිදි පමණක් කටයුතු කරන්න.තවත් මේ වගේ ලිපියකින් හමු වෙනකම් සතුටින් පරිස්සමෙන් ඉන්න.

දරුවෙක්නැතිවිමට සම්පූර්ණයෙන්ම වගකිව යුත්තේ කාන්තාවද?

දරු පැටියෙක් කියන්නේ වාසනාවක් සිරියාවන්ත තෑග්ගක් කියලා අපි හැමෝම දන්නවා.විවාහ පත්වන යුවලක් විශේෂයෙන්ම කාන්තාවකගේ ජිවිතයේ දකින ලස්සනම ලස්සන හීනයක්.පොඩි කාලේ ඉදන්ම බෝනික්කෝ නලවන්නේ ආත්මීයව එන ඒ ආසාව නිසා කියලායි මට නම් හිතෙන්නේ.විවාහ වී වසරක් පසු වූ පසුත් පුංචි කිරිකැටියෙක්ගේ හුරතල් හිනා හඩ ඇහෙන්නේ නැත්නම් ඔන්න ඉතින් දෝෂාරෝපණ එනවා.මේ දෝෂාරෝපන ගොඩාක්ම බලපාන්නේ කාන්තාවට.ඒ වගේම මේ දරුවන් නැතිවීම නිසා පවුල් ගැටුම් ඇතිවෙන්නත් පුලුවන්.මෙම ගැටුම් වලට නම් මූලිකම හේතුව වන්නේ හරි හැටි දැනුමක් නොමැති වීමයි.මොකද ගොඩක් අය හිතන්නේ දරුවෙක් නොමැති වීම කාන්තාවකගේ ප්‍රශ්ණයක් කියලා.ගොඩාක් අය කියන්නේ මේක කාන්තාවගේ මූසලකම කියායි.දරුවන් නොමැති මවක් මුණගැසීමත් අසුබ දෙයක් ලෙස ලාංකික ජනතාව පත් කරලා ඉවරයි.එම කාන්තාවන් මොනතරම් අසරණද?මොන තරම් මානසික පීඩනයකට ලක්වෙනවා ඇති ද?දරුවෙකු නොමැති වීම කාන්තාවගේ මෙන් ම පුරුෂයාගේ යම් කිසි ගැටලුවක්ද විය හැකියි.මෙයට හේතුව මදසරු භාවය විය හැකියි.අපි කලින් ලිපියෙන් කතා කරා මදසරුභාවය කියන්නේ මොකක්ද කියලා.අද ලිපියෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මදසරුභාවයට හේතු සහ මදසරුභාවය දැනගන්නේ කෙසේද යන්නයි.                      පිළිසිද ගැනීමක් සිදුවීමට නම් කාන්තාවගේ හෝමෝන ක්‍රියාකාරිත්වය නිවැරදිව සිදුවිය යුතුයි සහ පුරුෂයාගෙන් පිටවන ශුක්‍රානු නිරෝගි විය යුතුයි.කාන්තාවකගේ මසකට වරක් ඩිම්බකෝෂ වලින් ඩිම්බයක් නිකුත් වීම සිදු වෙනවා.මේ පිටවන ඩිමිබය පැලෝපීය නාලය දිගේ ගර්භාෂයට ගමන් කරනවා.මෙම කාලය තුළදී ලිංගික එක්වීමක් සිදුවුවහොත් යෝනි මාර්ගයෙන් ගැබිගෙල හරහා ගර්භාෂයට යන ශුක්‍රාණු ඩිම්බය සමග සංසේචනය වීමෙන් කලලයක් හට ගන්නවා.මේ පුංචි කලලය ගර්භාෂය තුල තැම්පත් වීමෙන් දරුවෙකු ලෙස වර්ධනය වෙනවා. මදසරු බව දැනගන්නේ කෙසේ ද? දරුවෙකු බලාපොරොත්තුවෙන් කිසිම උපත් පාලන භාවිතා නොකර ලිංගිකව එක් වූවොත් පලමු මාස තුනේ දී ගැබ් ගැනීමට ඇති සම්භාවිතාවය 30% පමණ වෙනවා.මාස හයක් අවසානයේ දී එම සම්භාවිතාවය 75%ක වන අතර වසරක කාලයක් උත්සහ කලොත් ගැබ් ගැනීමේ සම්භාවිතාවය 90% පමණ වෙනවා.එසේ වසරක කාලයක් උතසාහ කිරීමෙන් අනතුරුවත් දරුවෙකු පිළිසිද නොගන්නේ නම් එයට හේතුව මදසරුබව ලෙස සැලකිය හැකියි.නමුත් හොදට මතක තියාගන්න මදසරුබව කියන්නේ රෝගී තත්වයක් නෙවෙයි. මදසරුබවට හේතු ඉතින් මේ ලිපියෙන් ඔයාලාට පැහැදිලි වෙනවා නේද දරුවෙක් නැතිවිමට සම්පූර්ණයෙන්ම වගකිව යුත්තේ කාන්තාව නොවන බව.මදසරු බවට ප්‍රතිකාර සම මදසරුභාවයදැයි කියා නිවැරදිවම දැනගන්නට පරීක්ෂණ තියෙනවා.ඒ පිළිබදව අපි ඊළග ලිපියෙන් කතා කරමු.එතකම් සතුටින් පරිස්සමෙන් සැහැල්ලුවෙන් ඉන්න.

දරු උපතෙන්පසු මව

ලොව පවතින්නේ මව නිසා යැයි කීවොත් වැරදි නෑ කියලා මං හිතනවා.මොකද ඒ තරම්ම මව් පදවිය කියන්නේ උතුම් උත්තරීතර පදවියක්.ගර්භණී කාලයේ නම් පැටියා කුසේ දරන් ඉන්න නිසා අම්මට සැලකුම් බොහොමයි.ඒත් මේ සැලකීම පැටියා එලියට ආවට පස්සේ ටිකක් අඩු වෙනවා.මොකද වැඩි සැලකිලි පුංචි පැටියාටනේ.ඔන්න අද අපි කතා කරන්න යන්නේ දරු උපතෙන් පස්සේ සැලකිලිමත් විය යුතු කාරණා සහ මවගේ මානසිකත්වය ගැන. දරු උපතෙන් පසු පෝෂණීය ආහාර අත්‍යවශයද? පැටියා අපේ අතට එන්න කලින් බංඩියේ  ඉන්න කාලේ නම් පැටියා ගැන හිතලා හොද සමබල ආහාර වේලක් ගත්තා නේද?දැන් ඉතින් පැංචා අපේ අතේනේ.දැන් අපි හොද කෑමවේලක් ගන්න ඕන නැද්ද?ඔහේ අතට අහුවෙන දෙයක් කෑවම ඇති.අපි එහෙම හිතනවා.ඇත්තටම පැටියාගේ වැඩයි,එයා අඩනකොට නලවන්නයි ගියාම කන්නවත් වෙලාවක් නෑ තමයි.එක්කෝ බත් එක අතට ගත්ත ගමන් පැටියා අඩනවා.ඔන්න ඉතින් අම්මා බත් එක දාලා දුවනවා.අපේ පැටියා තාම මේ ලෝකෙට ආවා විතරයි.එයා පුංචියි.මාස 6ක්ම එයා ජීවක් වෙන්නේ ඔයාගේ කිරෙන්.ඔයාගේ පෝෂණය තමයි බබාට යන්නේ.ඒ නිසා පැටියා ආවා කියලා නෑ ඔයා අනිවාර්යෙන්ම හොද සමබල ආහාර වේලක් ගත යුතුමයි.ඒක ඔයාගේ ශරීරය යථා තත්වයට පත්වෙන්නත් උපකාරි වෙනවා. පිරිසිදු භාවය මේ ගැන නම් කතා කල යුතුමයි.පැටියා ලැබිලා ගෙදර ආවාට පස්සේ අපේ අම්මලා වැඩිහිටි ගැහැණු උදවිය මේ අලුත් අම්මට නාන්න දෙන්නේ නෑ.උනු වතුර නාන්න කියනවා.මේවා නම් නූතන වෛද්‍ය විද්‍යාව අනුව අනුමත කරන්නේ නෑ.සාමාන්‍යය දරු උපතක් සිදු කිරීමේ දී මවට යොදන විටපීය කැපුම නැවත සකස් කරන මැහුම් උනුවතුර හේතුවෙන් ගැලවෙන්න පුලුවන්.අම්මා දිනපතා ස්නානය කිරීමෙන් කිරි නිපදවීම වැඩි කරනවා වගේම මවගේ මානසික මට්ටමට ඉතාමත් හිතකරයි.ඒ වගේම තුවාල සුව වීමටත් දිනපතා පිරිසිදුව සිටීම ඉතාමත් වැදගත්.මේ නිසා ඔබ දිනපතා ස්නානය කරන්න.ඉන්පසු උනුසුම් තේ කෝප්පයකින් ශරීරය උණුසුම් කරගන්න.ඒ වගේම ඔබගේ තුවාලය නිතරම පිරිසිදුව තෙත මාත්තු කර තබාගන්න. නින්ද මෙයනම් අලුත් මවකට හීනයක්.පැටියා අඩනවා එහෙන් තුවාලයේ වේදනාව.නමුත් අලුත් මවකට නින්ද ඉතාමත් අත්‍යාවශ්‍යයි.මානසික සුවයට ඉතාම වැදගත් සාධකයක් තමයි නින්ද.ඔබට පුලුවන් පැටියාට කිරි නිසියාකාරයෙන් දොවා සැමියාට හෝ ඔබගේ උදව්වට සිටින කෙනාට පැටියා ඇහැරුණාම ඒ ටික දෙන ලෙස දන්වා පැය 5ක සුව නින්දක් හෝ ලබාගන්න,එය ඔබටමහත් අස්වැසිල්ලක් වේවි. දරු උපතෙන් පසු ඔබ වෛද්‍යවරයෙක් මුණගැසිය යුතු අවස්ථා කිරිකැටියා වෛද්‍යවරයාට පෙන්විය යුතු අවස්ථා දරු උපතෙන් පසු මවගේ මානසික සෞඛ්‍යය චූටි පැටියෙක් ගෙදරට ආවාම හැමේම වැධි අවධානයක් දෙන්නේ පුංචි පැටියාටයි.අම්මා ගැන අවධානය යොමු කරනවා ටිකක් අඩුයි.නමුත් ඔබ දන්නවාද වැඩිපුරම අවධානය යොමුකල යුත්තේ මවටයි.ඇය ගොඩාක් කලබලයෙන් වගේම කනස්සල්ලෙන් ඉන්නේ.ඒ වගේම පැටියා් බලන්න එන අයගෙන් පිටවන සමහරක් නොසැලකිලිමත් වදන් නිසා මවගේ මානසික මට්ටම තවත් පහල වැටෙන්න.පැටියා කලුයි නේද?පැටියා චූටියි,ඔයාට කිරි මදි වගේ නේද වගේ හිත රිදෙන වදන් නම් කිසිසේත්ම කියන්න එපා.ඒ වගේ නොසැලකිලිමත් වදන් මවටත් බිලිදාටත් දෙදෙනාටම ජීවිතය අහිමි කිරීමට තරම් මානසිකව වට්ටන්න තරම් දරුණුයි.ඔබට පුලුවන් නම් මල් මිටක් ඇය වෙනුවෙන් අරන් යන්න ඇය ගොඩාක් සතුටු වේවි.ඔබට පුලුවන් නම් ඇය විවේක ගන්නකම් ඇයගේ වැඩ කරලා දෙන්න එය ඇයට මහත් අස්වැසිල්ලක් වේවි.ඒ නිසා ඔබ කිසිම විටෙක මවකගේ මානසික පීඩනයට හේතුවක් වෙන්න එපා.ඇයට සැමියාගේ ආදරය කරුණාව අත්‍යාවශයම මොහොතක් තමයි දරු උපතෙන් පසු අවස්ථාව. තවත් මවකට සහනයක් අස්වැසිල්ලක් වෙන්න පුලුවන් ආදරණීය ලිපියකින් හමුවෙනකම් පරිස්සමෙන් ඉන්න.

දරු උපත පහසු කරගත හැකි ද?

ලොව ඇති වේදනාකාරීම වූත් සුන්දරම වූත් අත්දැකීමකට මුහුණ දිය හැක් ලොව ඇත් එකම පුද්ගලයා ගැහැණියයි.ඒ තමයි අම්මා.ඒ වේදනාව මෙතෙකැයි අපට කියන්න බෑ.වේදනාවක් විදලා ඊලග මොහොතේම කදුලු අතරින් සිනාසෙන්නෙත් අම්මා.ඒ තමයි දරු උපතෙන් පස්සේ රත්තරන් දරු පැටියාගේ මුහුණ දැක්කට පස්සේ.වේදනාවකින් පස්සේ තමාගේ පමණක් නොව තවත් ජීවියෙක් පෝෂණය කරමින් අලුත උපන් පැටියාගේ වගකීමත් කරට අරන් කැපවෙන එකම කෙනා අම්මා.අම්මා කියන වචනය එතරම්ම උත්තරීතරයි.ඒ උතුම් පදවියට අරුතක් එක් කරන්න අලුත් ලිපියක් අරන් අදත් මන් ආවා.අද අපි කතා කරන්න යන්නේ දරු උපතේ දි ඇතිවන වේදනාව අවම කර ගැනීමට අපට මුල සිට කල හැකි දේවල් මොනවාද කියලා කතා කරන්නයි. ව්‍යයාම  ලොකු කුඩා කොයි කාටත් ශරීරයට අත්‍යාවශ්‍යයම දෙයක් තමයි ව්‍යයාම කියන්නේ.ඇත්තෙන්ම ඔබ මවක් වෙන්න යනවා කියන්නේ ලෙඩක් නෙවෙයි.ඔබ ලොව ඇති උතුම්ම පදවියටයි සූදානම් වෙන්නේ.ඉතින් ඔබ ඇදට වැටීගෙනම කාලය ගත කල යුතු නෑ.ඔබේ ඇගට අපහසුවක් නැත්නම් ඔබ ක්‍රියාශීලිව සිටීම ඔබේ මෙන්ම කුසේ සිටින දරු පැට්යාගේ සෞඛ්‍යයට ඉතාමත් යහපත්.ඔබ අන්තර්ජාලයේ සැරිසරන කෙනෙක් නම් ඔබට දකින්නට ලැබේවි ගැබිණි මව්වරුන්ට ව්‍යයාම.ගෙදර දී පහසුවෙන් සිදු කල හැකි ව්‍යයාම ඔබටත් අත්හදා බලන්න පුලුවන්.ඒ වගේ ම ඔබට හැකි නම් දිනපතා ඇවිදින්න,මේ දේවල් ඔබට දරු උපත සදහා පහසුවෙන් මුහුණ දෙන්න මනා රුකුලක් වේවි.නමුත් ඔබ සංකූලතා තියෙන මවක් නම් ඔබේ වෛද්‍යවරයාගේ අනුදැනුම මත මේ දේවල් සිදු කල යුතුමයි. භාවනාව භාවනාව නම් ඉතින් ලොකු කුඩා කොයි කාටත් හොද දෙයක් නේ.ගර්භණී සමය කියන්නේ ටිකක් නොසන්සුන් කාලයක්.ඉක්මනින් කේන්ති යනවා.පොඩි දේටත් දුක හිතෙනවා.මේ තත්වය පාලනය කරගන්නත් භාවනාව ඉතාමත් වැදගත් වෙනවා.වැදගත්ම දේ තමයි භාවනාව මගින් අපිට පුලුවන් වනවා අපේ එහෙ මෙහෙ දුවන හිත එක තැනක තියාගන්න.දැන් ඔයාලා හිතයි භාවනා කරන්න කොහෙන්ද අනේ වෙලවෙක් කියලා.මේකට වෙනම වෙලාවක් අවශ්‍යය වන්නේ නෑ.ඔයාට පුලුවන් ගෙදර වැඩ කරන ගමන් ඒ වැඩේටම හිත යොමු කරන්න.ඒකත් එක්තරා විදියක භාවනාවක්.හිත එකග කරගන්න හොදම විදියක්.මේ විදියට හිත එකග කරගැනීම ඔයාලට දරු ප්‍රසූතියේ දි මනා පිටිවහලක් වේවි. ශ්වසන අභ්‍යාස ශ්වසන අභ්‍යාස ගැන නම් ඔයාලා දන්නවනේ.අන්තර්ජාලය පිරික්සලා ශ්වසන අභ්‍යාස හොයාගන්න පුලුවන්.විනාඩි පහකින් ආරම්භ කරලා වෙලාව ටික ටික වැඩි කරගන්නත් පුලුවන්.මේකෙදිත් සිද්ධවෙන්නේ හිත එකග කර ගැනීමක්.දරු ප්‍රසූතියේ දි මේ ශ්වසන අභ්‍යාස ලොකු පහසුවක් ගෙන එනවා.හොද හුස්මක් ඉහලට අරගෙන පහලට හෙලිමෙන් මෙම ශ්වසන අභ්‍යාස ආරම්භ කරගත හැකියි.භාවනාව වගේම වෙනත් වැඩක යෙදෙන ගමන් වුවත් මෙහි ඔබට නිරත වෙන්න පුලුවන්. සැහැල්ලු පෝෂ්‍යදායි ආහාර දරු ප්‍රසූතියෙ මුල් අවධියේ දි සැහැල්ලු ආහාර ගැනීම මගින් ඔබට දරු ප්‍රසූතිය සදහා ප්‍රමාණවත් ශක්තියක් ලැබෙනවා.ඒ වගේම දරු ප්‍රසූතියේ දි මාංශ පේශි හැකිලීම සහ වේගයෙන් හුස්ම ගැනීම නිසා ඔබේ සිරුරෙන් විශාල දියර පුමාණයක් වැයවෙනවා.එම නිසා අනිවාර්යෙන් මතක් කරලාම වතුර හොදට  පානය කරන්න.එය ප්‍රසූතිය  පහසු කරගන්න මනා පිටිවහලක් වේවි. ඔබේ වෛද්‍යවරයාග් උපදෙස් පිලිපදින්න. ඔබට පහසු දරු ප්‍රසූතියක්  ලබාගැනීමට නම් ඔබගේ ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයගේ උපදෙස් පරිද කටයුතු කල යුතුමයි.ඔබගේ විටමින්,ඔබගේ සෞඛ්‍යය තත්වය මත ලබා දෙන බෙහෙත් නිසියාකාරව ගත යුතුයි.එමෙන් ම නිරතුරුවම ඔබ සැහැල්ලු මනසකින් සිටිය යුතුමයි.                             මවක් වෙනවා කියන්නේ ඇත්තෙන්ම ලේසි පහසු කාර්්‍යයක් නෙවෙයි.වගකීමි ගොන්නක් කර මත තබාගන්නා ජීවිතයට අරුතක් එක් කරගන්නා පදවියක්.එමපදවියට ඔබ සැහැල්ලු මනසින් මුහුණ දෙන්න.ඔබට සියල්ලක් ම පහසු වෙනවා නොඅනුමානයි.එහෙනම් තවත් මෙවැනි ම වැදගත් ලිපියක්න් නැවත හමුවෙනකම් සතුටින් පරිස්සමින් ඉන්න.

දරුවෙක් නැත්තේ කලුකුමාර දෝෂය නිසා ද?

අපේ ලාංකිකයන්ගේ තියෙන දෙයක් තමයි වැදගත් අවස්ථාවකදී හෝ කිසියම් ගැටලුවක දී පරණ මතිමතාන්තර සහ මිත්‍යාමත ඉස්සරහට ඇදලා ගැනීම.මේවා හැම එකක්ම බොරු කියනවා නෙවෙයි.නමුත් බහුතරයක් මිත්‍යාමත.මේ දේවල් ඔලුවට අරගෙන පවුල් අවුල් වෙන අවස්ථාත් නැතිවාම නෙවෙයි.උදාහරණයක් විදියට ගත්තොත් මල්වර වීමකදී වෙලාවල් බලනවා,තරුණ යුවතියට මස් මාංශ අනුභවය තහනම් කරනවා.මේවායෙහි කිසිම විද්‍යාත්මක පදනමක් නෑ.ඇයට ඒ කාලයේ දී තමයි ශරීරයට පෝෂණය අත්‍යාවශ්‍යම වන්නේ.ඒ වගේ ම විවාහයක දී දෙදෙනාගේ අදහස් ගැලපෙනවා ද යන්නට වඩා වැඩිහිටියන් උත්සුක වන්නේ කේන්දර ගැලපෙනවාද යන්න බැලීමයි.කේන්දර ගැලපෙනවා නම් සේරම හරිය.එතනම පවුල ඉවරය.පොඩි ප්‍රශ්නයක් වූවත් කේන්දරය ඇදලා ගයි.වැටුණත්,ගහක අත්තක් කඩන් වැටුණත් ග්‍රහයා නීච වෙලාය.හෙනහුරා ලබලාය.හෙනහුරා ග්‍රහයා නොව ඔය මනස්ගාත තෙපලනා පුද්ගලයන් ය.ඔලුව අවුල් උනාට පස්සේ නිකන්ම හෙනහුරා ලබවනවාය.ඉතින් අද ලිපියෙන් ඔයාලා එක්ක බෙදාගන්න හිතුවේ දරුවන් නොමැති යුවලකට නිතරම කන වැකෙන මිත්‍යා අදහස් ටිකක්.                                                                                             දරු පැටියෙක් නොමැති කාන්තාවන්ට,දරුවන් නොමැති යුවල වල් වලට මේ කතා නම් බහුලවම අහන්න ලැබෙනවා.අපේ වැඩිහිටියන් සමග තර්ක කරන්න ගියාමත් තියෙන ප්‍රශ්න තවත් වැඩිවෙයි.මෙයට හොදම විසදුම නම් එක කනකින් අහලා අනිත් කනෙන් පිට කිරීමයි.මේ මිත්‍යා විශ්වාස ඔලුවට දා ගැනීමෙන් හිතේ තියෙන පීඩනය වැඩි වෙනවා මිස අඩු වන්නේ නැත.නූතන වෛද්‍යවිද්‍යාව ඉතා දියුණුය.දරුවන් නොමැති වීමට ප්‍රතිකාර ඇත.ඒ නිසා ඔබට හුරතල් පැටියෙක් හුරතල් බැලිය හැක.හිතේ සතුටින් විශ්වාසයෙන් සිටින්න.කතාවකුත් තියෙනවානේ හොදම දේවල් ලැබෙන්නේ පරක්කු වෙලා කියලා.තවත් ලිපියකින් හමුවෙනකම් සතුටින් පරිස්සමෙන් ඉන්න.

දරු උපත ගැන ඔබ දැනුවත් ද?

පුංචි දරු පැටියෙක් කියන්නේ සම්පතක්.කිරි කැටියෙක් ඉන්න ගෙදරක සිරියාව මේ තරම් කියලා කියන්න බෑ.හැබැයි මේ ගමන එතරම් පහසු නෑ.මව් පදවිය කියන උත්තරීතර පදවියට එන්න ගැහැණියක් අසීමාන්තික කැපවීමක් කරනවා.හැබැයි ඒ හැමදේම කරන්නේ පුදුම තරම් ආසාවකින් පුදුම තරම් භක්තියකින්.පලමු දරු උපත සිදු කරන කාන්තාවක් නම් ගොඩාක් ආසාවෙන් වගේම බයෙන් තමයි මේ දරු උපතට මුහුණ දෙන්නේ.මොකද එයාට අත්දැකීමක් නැතිකම නිසා වගේම වටපිටාවේ අය කියන කතා නිසා බයවෙලායි ඉන්නේ.අන්න ඒ නිසායි අපි අද මේ ගැන කතා කරන්න හිතුවේ.ඔයත් දරු උපතට බයෙන් ඉන්න මවක්ද?එහෙනම් කියවන්න මේ ලිපිය.අපි මුලින්ම බලමු සාමාන්‍යය දරු ප්‍රසුතිය ගැන. සාමාන්‍යය දරු  ප්‍රසුතිය                 සාමාන්‍යය දරු ප්‍රසුතියට ගොඩාක් අම්මලා බයයි.ඒකට ප්‍රධානම හේතුව තමයි නොදැනුවත්කම සහ වටපිටාවේ මිනිසුන් කියන දේවල් වලින් අනවශ්‍යය බියක් ඇති කරගැනීම.ඒ වගේම ප්‍රසුත වේදනාවට මුහුණ දීමට තියෙන බය සහ මෙම ප්‍රසුතිය නිසා තමාගේ වගේම දරු පැටියාගේ ජීවිතයට හානියක් වෙයි කියලා ගොඩාක් අම්මලා හිතනවා.හැබැයි එහෙම වෙන්නේ නෑ.ඒක අනවශ්‍යය බියක්. සාමාන්‍යය දරු ප්‍රසුතිය යනු කුමක් ද? යෝනි මාර්ගය ඔස්සේ දරුවා බිහි කිරීම සාමාන්‍යය දරු දි ප්‍රසුතියේ දි සිදු වේ.මෙය ස්වාභාවිකව දරුවා බිහි කරන ක්‍රමයයි.සාමානයය දරු ප්‍රසුතියේ දි මව පිළිබදව මෙන්ම දරුවා ගැනද නිරන්තරයෙන් අධීක්ෂණය කිරීම සදහා වෛද්‍යයවරුන්,හෙද සේවිකාවන් මෙන්ම පවුල් සෞඛ්‍යය සේවිකාවන් ද සිටිනවා.ඒ නිසා ඔබ අනවශ්‍යය බයක් ඇති කරගත යුතු නෑ. සමාන්‍යය දරු ප්‍රසුතියේ දිවේදනාව අවම කිරීමට ක්‍රම තිබෙනවා ද? දැන් තාක්ෂණය ගොඩාක් දියුණුයි.ඉස්සර කාලේ වගේ අම්මාට වේදනාවන් විදින්න අවශ්‍යය නෑ.වේදනාව අවම කිරීමට ක්‍රමය නූතන වෛද්‍යය විද්‍යාව විසින් හොයාගෙන තියෙනවා.අපි දැන් බලමු වේදනාව අවම කරන ක්‍රමය මොනවාද කියලා. මෙයින් සුදුසුම  ක්‍රමය කුමක්ද? මෙයින් බහුලවම භාවිතා වන්නේ එන්නත් ක්‍රමයයි.වර්තමානයේ දි සාමාන්‍යය ප්‍රසුති‍යේ දි බහුලවම භාවිතා වන ක්‍රමය වන්නේ එපිඩියුරල් ක්‍රමය යි.මෙහි දී සිදු වන්නේ එපිඩියුරල් එන්නත කොන්දට එන්නත් කිරීම මගින් වේදනාව අවම කිරීමයි.මෙම එපිඩියුරල් ලබාදීම මගින් හිරිවැටීමක් සිදු වුණත් යම්තාක් දුරට දැනීමක් තියෙනවා. සාමාන්‍යය  ප්‍රසුතියේ ඇති වාසි සාමාන්‍යය දරු පුසූතියේ ඇති අවාසි සිසේරියන් සැත්කම සිසේරියන් සැත්කම යනු උදරයේ සිදු කරන ලද කැපුමක් මගින් දරුවා පිටතට ගැනීමයි.මෙම සිසේරියන් සැත්කම ආකාර 2ක් වේ.එනම් සිසේරියන් සැත්කම සිදු කරනු ලබන්නේ මව පියව් සිහියෙන් සිටියදී යි.සැත්කමට පෙර කොදු ඇට පෙළට නික්ෂේපණය කරන ඖෂධයක් මගින් නාභියෙන් පහල කොටස හිරි වැටීමකට ලක් කරනු ලබනවා.උදරයේ පහලින් හරස් අතට සෙන්ටිමීටර 10 ක පමණ කුඩා කැපුමක් යොදනවා.මෙය හදුන්වන්නේ bikini line incision ලෙසයි. සිසේරියන් සැත්කමේ වාසි සිසේරියන් සැත්කමේ අවාසි                                සිසේරියන් සැත්කම වූවත් සාමාන්‍යය දරු ප්‍රසුතිය වූවත් අම්මා කෙනෙක් විදින වේදනාව සම කරන්න බෑ.දෙකටම මවක් පුදුමාකාර කැපකිරීමක් කරනවා.කතාවක් තියෙනවා සීසර් අමමෙක්ට දරු දුක නෑ කියලා.දරු දුක කැපුමකට සිමා කරන්න බෑ.මොන විදියකින් උනත් අමමා තමන්ගේ පණටික මේ ලෝකෙට පරිස්සමින් අරන් එන්නේ වේදනා ගොඩාක් මැද්දේ.ඔයත් ප්‍රසුතියට මුහුණ දෙන්න ඉන්න මවක් නම් අනවශ්‍යය පීඩනයක් ගන්න එපා.සැහැල්ලුවෙන් ඒ සුන්දර මොහොතට ආදරණීයව මුහුණ දෙන්න.විශ්වාස කරන්න ඒ මොහොත ජීවිතේ විදින සුන්දරම හැගුම්බරම මොහොත වෙයි.තවත් ලිපියකින් හමුවෙනකම් සතුටින් පරිස්සමෙන් ඉන්න.

ගොඩ වෙදකමින්වත් දරුවෙක් ලබාගන්න පුලුවන් වෙයි ද?

නූතන වෛද්‍ය විද්‍යෙව් දියුණුවත් සමගම මැකී යන දෙයක් තමයි හෙල වෙදකම එහෙමත් නැත්නම් ආයුර්වේද ප්‍රතිකාරය.පසුගිය ලිපියෙන් අපි කතා කරේ දරුවන් නොමැති වීම එහෙමත් නැත්නම් මදසරු බවට සිදු කල හැකි බටහිර ප්‍රතිකාරය ගැනයි.අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මදසරු බවට සිදුකල හැකි ආයුර්වේද ප්‍රතිකාර ක්‍රමය පිලිබදවයි. බටහිර වෛද්‍යය විද්‍යෙව් දී මදසරු බාවය ලෙස හැදින්වූවත් ආයුර්වේදයේ සදහන් කරන්නේ ‘වන්ද්‍යාබාවය“ ලෙසයි.මදසරු භාවයේ දී කාන්තාවට මෙන්ම පුරුෂයාට ප්‍රතිකාර  කිරීම සිදු කරනු ලබනවා.ආයුර්වේදයේදී මෙම ප්‍රතිකාරය තුන් ආකාරයකින් සිදු කරනු ලබනවා.එනම් බාහිර ප්‍රතිකාර ලෙස තෙල්ගෑම,තැවීම ආදියද අභ්‍යන්තර ප්‍රතිකාර ලෙස චූර්ණ පෙති,කල්ක ලේහ ආදි ආයුර්වේද ඖෂධ බීමට දෙනු ලැබේ.ස්ථානික ප්‍රතිකාරයේ දි සිදු කරනු ලබන්නේ සම්බාහනය කිරීමයි.නමුත් මෙම ප්‍රතිකාර ක්‍රම ආයුර්වේදය අනුව පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. කලලයක් නිර්මාණය වීමට කොටස් කිහිපයක් සම්පූර්ණ විය යුතුයි.ආයුර්වේදයේ ද එය මෙසේ වර්ග කරනු ලබනවා. ආයුර්වේදයට අනුව කාන්තාවගේ සහ පුර්ෂයාගේ මෙම කරුණු හතර සම්පූර්ණ වුවහොත් දරුවෙක් පිලිසිද ගැනීම සිදු වෙනවා.නමුත් මේවායේ යම් යම් දුර්වලතා හේතුවෙන් දරුවෙකු පිළිසිද ගැනීම ප්‍රමාද වෙනවා.මෙහි දී බහුල වන්නේ බීජ නිසි පරිදි නොමේරීමයි.එයට ආයුර්වේදයේ සදහන් හේතුව වන්නේ අම්ල විෂමතාවයයි.අම්ල විෂමතාවයට හේතු මානසික මට්ටම පහත වැටීම ආයුර්වේදය අනූව මදසරු බවට මූලිකම හේතුවක්.මේ සදහා ආයුර්වේදයේදි ආගමානුකූලව මෙන් ම යෝග ව්‍යායාමය තුලින් මානසික මට්ටම දියුණු කරනවා.මෙමගින් රුධිර සංසරණය මනා ලෙස සිදුවෙනු ලබනවා. හෝමෝන වල කියාකාරීත්වය පටන් ගන්නේ මොළයෙනි.මෙහි දී වන්ද්‍යාබාවයට හිසට බාහිර ප්‍රතිකාරවිධි සිදු කරනු ලබනවා.හිසට ශීරෝලේප හෙවත් ඖෂධීය බෙහෙත් ගැල්වීමක් සිදු කරනු ලබනවා.මෙමගින් හෝමෝන කියාකාරිත්වය වැඩි වෙනු ලබනවා.ස්ථානිකව උදරයේ තෙල් ගල්වා සම්බාහනය කිරීම සිදු කරනු ලබනවා.ඉන්පසු උදරය කිරි වලින් නහවා උදරයේ ඖෂධ තලපයක් ගල්වනු ලබනවා.මෙමගින් බලාපොරොත්තු වන්නේ හෝමෝන ශක්තිය ඇති කිරීම සහ හෝමෝන කියාකාරීත්වය ක්‍රමවත් කිරීමයි.මේ ප්‍රතිකාර ස්ථානිකව ප්‍රධාන වශයෙන් ප්‍රජනන පද්ධතිය ඉලක්ක කරගෙන සිදු කරනු ලබනවා. මෙවැනි වැදගත් ලිපියකින් නැවතත් හමුවෙනකම් සතුටින් පරිස්සමෙන් ඉන්න.

කුසේ සිටින පුංචි පැටියාගේ මනස

කුසේ සිටින පුංචි පැටියාගේ මනස හිතේ තිබුණ ලොකුම බලාපොරොත්තුවත් ඉෂ්ඨ උනා.දැන් බලාපොරොත්තු පොදි බැදගෙන නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්නේ පුංචි පැටියා ලගට එනකම්.මේ පුංචි පැටියාව ඔබ ඇස් දෙක වගේම කුසේ තියාගෙන රකිනවා කියන  කාරණය නම් අපි හොදාකාරවම දන්නවා.ඉතින් මේ පැටියාගේ පෝෂණයට කියලා ඔයාලා හොද පෝෂ්‍යදායි ආහාර වේලක් අනිවාර්යෙන්ම ගන්නවා.මොකද අපි හැමෝම බලාපොරොත්තු වෙන්නේ හොද නිරෝගිමත් පැටියෙක්.කෙටියෙන් කීවොත් හොද උපත් බරක් තියෙන බබෙක්.අපි පැටියාගේ පෝෂණය වගේම එයාගේ මනස ගැනත් හිතන්න ඕන.අපි හැමෝම කැමතියි බුද්ධිමත් හොද පෞර්ෂ්‍යයක් තියෙන බබෙක් සමාජයට දායාද කරන්න.මේකට අඩිතාලම පැටියා කුසේ ඉද්දිම අපිට දාන්න පුලුවන්.ඒ ගැන තමයි අද ලිපියෙන් අපි කතා කරන්න යන්නේ. සංගීතය භාවනාවක් ගර්භණී මවකගේ දෙවෙනි මාසය වන විට කලල රූපයේ ඇස්,කන් සහ නාසය යන ඉන්ද්‍රියන් ඉතා පැහැදිලිව දැකගත හැකියි.ඒ වගේම පස්වන මාසය පමණ වන විට කලලය සම්පූර්ණයෙන්ම වර්ධනය වන අතර මවගේ කුසේදිම විවිධ ශබ්දයන් ශ්‍රවනය  කිරීමේ  හැකියාව මේ කුසේ ඉන්න පුංචි පැටියාට ලැබෙනවා.අපි හැමෝම දන්නවා සංගිතය කියන්නේ ඖෂධයක්.වෛද්‍ය විශේෂඥවරුන්ද විවිධ පර්යේෂණ මගින් සනාථ කර ඇත්තේ සංගීතය යනු මනස සැහැල්ලු කරගැනීමට සහ සන්සුන් කරගැනීමට ගත හැකි දිව්‍යමය ඖෂධයක් බවයි.ගැබිණි මව්වරුන්ට සිය මානසික යහපැවැත්ම මනාව පවත්වා ගැනීමට මෙන්ම කුසේ වැඩෙන පුංචි පැටියාගේ මානසික යහ පැවැත්මටත් මනා අත්වැලක් වෙනවා.සාමාන්‍යය කාන්තාවකට වඩා ගර්භණී මවක් ඉක්මනින් මානසික පීඩනයන්ට ලක් වෙනවා.ගර්භණී කාලය පුරාවටම ඇයගේ ශරීරයේ සිදුවන වෙනස්කම් මෙයට බලපානවා.ඒ නිසා ඇය ඉක්මනින් කෝපයටත්,දුකටත් පත්වෙනවා.මේ මානසික පීඩනයෙන් මිදීමට හොදම විසදුම තමයි සංගීතයට සවන් දීම. කුසේ ඉන්න පුංචි පැටියාට ඇහෙනවා ද?   අපි මුලින් ම කතා කරානේ මාස 5ක් වෙන කොට කලලය සම්පූර්ණයෙන්ම වර්ධනය වෙලායි තියෙන්නේ කියලා.මෙන්න මේ කාලයේ දි මව සංගීතයට සවන් දෙන විට කුස තුළ සිටින පැටියාත් සංගීතයට සවන් දෙනවා.එයා කුසේ ඉද්දිම අම්මා එක්කම සංගීතය රසවිදිනවා.මේ සංගීතයට සවන් දීම මගින් මව සහ පැටියා සමග අතර ඇති අනයොන්‍යය සම්බන්ධතාවය වර්ධනය වන අතර දෙදෙනා අතර සෙනෙහසේ බැදීමත් වැඩි වෙනවා.ඔබ දන්නවා ද පැටියා මේ ලෝකෙට බිහිවෙලා එයා වැඩිවියට පත් වෙනකොට යහගුණ ධර්මයන්ගෙන් පෝෂණය වුණ පුරවැසියෙක් බවට පත් වීමටත් මේ සංගීතය මනා පිටිවහලක් වෙනවා.හැබැයි ඉතින් පැටියාට ඇහෙන්න කියලා මහ සද්දෙන් සිංදු දාන්නවත්,කුස මත හෙඩ්ෆෝන් හෝ ස්පීකර් තැබීම කිසිසේත්ම සිදුනොකල යුතුයි.කුසේ සිටින පුංචි පැටියාට ඉතා මෟදු හඩවල් පවා ඇහෙනවා.පුංචි පැටියාට වඩාත් ගැලපෙන්නේ ඩෙසිබල් 70ට වඩා අඩු ශබ්දයි.ගැබිණි මවකට ඇසීමට සුදුසු ගීත කිහිපයක් ගැන කතා කලොත්,   ·         නිරෝෂා විරාජිනි මහත්මියගේ සුදු ඇත් පොව්වෙක් ·         ත්‍යාගා එඩ්වඩ් මහත්මියගේ සෙනෙහස රන් සිංහාසන හදෙහි මැවෙනවා   ·         මරියසෙල් ගුණතිලක මහත්මියගේ සිහින නෙලුම් මල්   වැනි ගීත ඉතාමත් සුදුසුයි.ගැබිනි සමයේදි ඔබගේ රුචිය අනුව නිතර ගීත අසන්න,ගයන්න,රසවිදින්න.එය ඔබටත් නූපන් බිළිදාගේ මතු දවසටත් යහපතක් වෙනවා නොඅනුමානයි. කුසේ ඉන්න පැටියාට අත්කම්                              කුසේ ඉන්න ආදරණීය අමුත්තා පිලිගන්න ඔබ දැන් ලහි ලහියේ සූදානම් වෙනවා ඇති.පුංචි පැටියාගේ කාමරය සරසන්න විවිධ පිංතූර ගත හැකි ස්ථාන පිළිබද ඔබ හොයනවා ඇති.විසදුම ඔබ ලගමයි.ඔබට පුලුවන් පුංචි පැටියාගේ කාමරය සරසන්න පිංතූර ඔබම නිර්මාණය කරගන්න.පුංච් පුංච් අත්කම් කරන්න.මේ සදහා ඔබට වැඩි වියදමක් යන්නේ නෑ වගේම පැටියාගේ මනසේ වර්ධනයටත් මනා පිටිවහලක්.හැමවෙලේම මතක තියා ගන්න පැටියාට අම්මාව ගොඩාක් දැනෙනවා.ඔබ මේ දේවල් සකසද්දි පැටියා ආසාවෙන් ඔයා එක්කම ඉන්නවා.ඒ නිර්මාණ වලින් පැටියාගේ කාමරය ලස්සන කරාම ඔයාටත් නොච්චර සතුටු ද?ඒ වගේම ඔයාට පුලුවන් පැටියාට අවශ්‍යය ඇදුම් ඔබේ අතින්ම නිර්මාණය කරගන්න.ඒකෙන් පැටියාට ඔයා ගැන තියෙන සෙනෙහස තවත් වැඩි වේවි.ගර්භණී කාලයේ හැම මොහොතක්ම සතුටින් විදගන්න. භාවනාව පැටියාට බලපානවාද? වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම භාවනාව හිතට ගෙන දෙන්නේ පුදුමාකාර නිවීමක්.ඔබට පුලුවන් නම් උදෑසන කාලයේ හෝ නින්දට යෑමට පෙර මේ සදහා යම් වේලාවක් වෙන් කිරීමට ඔබේ මනස සැහැල්ලු වෙනවා වගේම කුසේ ඉන්න පැටියාගේ මනසේ වර්ධනයට මෙන්ම බුද්ධි වර්ධනයටත් මෙය මනාව බලපානවා. මේ සදහා ඔබට විශාල කාලයක් වැය කිරීමට අවශ්‍යය වෙන්නේ නෑ. පුංචි විනාඩි 10ක් හොදටම ඇති.                                       මේ කාලයේදි ඔබ මනස සැහැල්ලුවෙන් තියාගන්න.සතුටින් ඉන්න.ඔබ සතුටින් නම් ඔබගේ පැටියාත් සතුටින්.                                                                                                                                                      .

කුසේ සිටින පුංචි පැටියාගේ මනස

කුසේ සිටින පුංචි පැටියාගේ මනස හිහිතේ තිබුණ ලොකුම බලාපොරොත්තුවත් ඉෂ්ඨ උනා.දැන් බලාපොරොත්තු පොදි බැදගෙන නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්නේ පුංචි පැටියා ලගට එනකම්.මේ පුංචි පැටියාව ඔබ ඇස් දෙක වගේම කුසේ තියාගෙන රකිනවා කියන  කාරණය නම් අපි හොදාකාරවම දන්නවා.ඉතින් මේ පැටියාගේ පෝෂණයට කියලා ඔයාලා හොද පෝෂ්‍යදායි ආහාර වේලක් අනිවාර්යෙන්ම ගන්නවා.මොකද අපි හැමෝම බලාපොරොත්තු වෙන්නේ හොද නිරෝගිමත් පැටියෙක්.කෙටියෙන් කීවොත් හොද උපත් බරක් තියෙන බබෙක්.අපි පැටියාගේ පෝෂණය වගේම එයාගේ මනස ගැනත් හිතන්න ඕන.අපි හැමෝම කැමතියි බුද්ධිමත් හොද පෞර්ෂ්‍යයක් තියෙන බබෙක් සමාජයට දායාද කරන්න.මේකට අඩිතාලම පැටියා කුසේ ඉද්දිම අපිට දාන්න පුලුවන්.ඒ ගැන තමයි අද ලිපියෙන් අපි කතා කරන්න යන්නේ. සංගීතය භාවනාවක් ගර්භණී මවකගේ දෙවෙනි මාසය වන විට කලල රූපයේ ඇස්,කන් සහ නාසය යන ඉන්ද්‍රියන් ඉතා පැහැදිලිව දැකගත හැකියි.ඒ වගේම පස්වන මාසය පමණ වන විට කලලය සම්පූර්ණයෙන්ම වර්ධනය වන අතර මවගේ කුසේදිම විවිධ ශබ්දයන් ශ්‍රවනය  කිරීමේ  හැකියාව මේ කුසේ ඉන්න පුංචි පැටියාට ලැබෙනවා.අපි හැමෝම දන්නවා සංගිතය කියන්නේ ඖෂධයක්.වෛද්‍ය විශේෂඥවරුන්ද විවිධ පර්යේෂණ මගින් සනාථ කර ඇත්තේ සංගීතය යනු මනස සැහැල්ලු කරගැනීමට සහ සන්සුන් කරගැනීමට ගත හැකි දිව්‍යමය ඖෂධයක් බවයි.ගැබිණි මව්වරුන්ට සිය මානසික යහපැවැත්ම මනාව පවත්වා ගැනීමට මෙන්ම කුසේ වැඩෙන පුංචි පැටියාගේ මානසික යහ පැවැත්මටත් මනා අත්වැලක් වෙනවා.සාමාන්‍යය කාන්තාවකට වඩා ගර්භණී මවක් ඉක්මනින් මානසික පීඩනයන්ට ලක් වෙනවා.ගර්භණී කාලය පුරාවටම ඇයගේ ශරීරයේ සිදුවන වෙනස්කම් මෙයට බලපානවා.ඒ නිසා ඇය ඉක්මනින් කෝපයටත්,දුකටත් පත්වෙනවා.මේ මානසික පීඩනයෙන් මිදීමට හොදම විසදුම තමයි සංගීතයට සවන් දීම. කුසේ ඉන්නපුංචි පැටියාට ඇහෙනවා ද? අපි මුලින් ම කතා කරානේ මාස 5ක් වෙන කොට කලලය සම්පූර්ණයෙන්ම වර්ධනය වෙලායි තියෙන්නේ කියලා.මෙන්න මේ කාලයේ දි මව සංගීතයට සවන් දෙන විට කුස තුළ සිටින පැටියාත් සංගීතයට සවන් දෙනවා.එයා කුසේ ඉද්දිම අම්මා එක්කම සංගීතය රසවිදිනවා.මේ සංගීතයට සවන් දීම මගින් මව සහ පැටියා සමග අතර ඇති අනයොන්‍යය සම්බන්ධතාවය වර්ධනය වන අතර දෙදෙනා අතර සෙනෙහසේ බැදීමත් වැඩි වෙනවා.ඔබ දන්නවා ද පැටියා මේ ලෝකෙට බිහිවෙලා එයා වැඩිවියට පත් වෙනකොට යහගුණ ධර්මයන්ගෙන් පෝෂණය වුණ පුරවැසියෙක් බවට පත් වීමටත් මේ සංගීතය මනා පිටිවහලක් වෙනවා.හැබැයි ඉතින් පැටියාට ඇහෙන්න කියලා මහ සද්දෙන් සිංදු දාන්නවත්,කුස මත හෙඩ්ෆෝන් හෝ ස්පීකර් තැබීම කිසිසේත්ම සිදුනොකල යුතුයි.කුසේ සිටින පුංචි පැටියාට ඉතා මෟදු හඩවල් පවා ඇහෙනවා.පුංචි පැටියාට වඩාත් ගැලපෙන්නේ ඩෙසිබල් 70ට වඩා අඩු ශබ්දයි.ගැබිණි මවකට ඇසීමට සුදුසු ගීත කිහිපයක් ගැන කතා කලොත්,  ·         නිරෝෂා විරාජිනි මහත්මියගේ සුදු ඇත් පොව්වෙක් ·         ත්‍යාගා එඩ්වඩ් මහත්මියගේ සෙනෙහස රන් සිංහාසන හදෙහි මැවෙනවා ·         මරියසෙල් ගුණතිලක මහත්මියගේ සිහින නෙලුම් මල් වැනි ගීත ඉතාමත් සුදුසුයි.ගැබිනි සමයේදි ඔබගේ රුචිය අනුව නිතර ගීත අසන්න,ගයන්න,රසවිදින්න.එය ඔබටත් නූපන් බිළිදාගේ මතු දවසටත් යහපතක් වෙනවා නොඅනුමානයි. කුසේ ඉන්න පැටියාට අත්කම්   කුසේ ඉන්න ආදරණීය අමුත්තා පිලිගන්න ඔබ දැන් ලහි ලහියේ සූදානම් වෙනවා ඇති.පුංචි පැටියාගේ කාමරය සරසන්න විවිධ පිංතූර ගත හැකි ස්ථාන පිළිබද ඔබ හොයනවා ඇති.විසදුම ඔබ ලගමයි.ඔබට පුලුවන් පුංචි පැටියාගේ කාමරය සරසන්න පිංතූර ඔබම නිර්මාණය කරගන්න.පුංච් පුංච් අත්කම් කරන්න.මේ සදහා ඔබට වැඩි වියදමක් යන්නේ නෑ වගේම පැටියාගේ මනසේ වර්ධනයටත් මනා පිටිවහලක්.හැමවෙලේම මතක තියා ගන්න පැටියාට අම්මාව ගොඩාක් දැනෙනවා.ඔබ මේ දේවල් සකසද්දි පැටියා ආසාවෙන් ඔයා එක්කම ඉන්නවා.ඒ නිර්මාණ වලින් පැටියාගේ කාමරය ලස්සන කරාම ඔයාටත් නොච්චර සතුටු ද?ඒ වගේම ඔයාට පුලුවන් පැටියාට අවශ්‍යය ඇදුම් ඔබේ අතින්ම නිර්මාණය කරගන්න.ඒකෙන් පැටියාට ඔයා ගැන තියෙන සෙනෙහස තවත් වැඩි වේවි.ගර්භණී කාලයේ හැම මොහොතක්ම සතුටින් විදගන්න. භාවනාව පැටියාට බලපානවාද?                          වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම භාවනාව හිතට ගෙන දෙන්නේ පුදුමාකාර නිවීමක්.ඔබට පුලුවන් නම් උදෑසන කාලයේ හෝ නින්දට යෑමට පෙර මේ සදහා යම් වේලාවක් වෙන් කිරීමට ඔබේ මනස සැහැල්ලු වෙනවා වගේම කුසේ ඉන්න පැටියාගේ මනසේ වර්ධනයට මෙන්ම බුද්ධි වර්ධනයටත් මෙය මනාව බලපානවා.මේ සදහා ඔබට විශාල කාලයක් වැය කිරීමට අවශ්‍යය වෙන්නේ නෑ.පුංචි විනාඩි 10ක් හොදටම ඇති.                                       මේ කාලයේදි ඔබ මනස සැහැල්ලුවෙන් තියාගන්න.සතුටින් ඉන්න.ඔබ සතුටින් නම් ඔබගේ පැටියාත් සතුටින්.