බබා ගෙදර ඇති කරන පූසා වගේ වෙයි ද?

ආදරණීයම තිලිණයක් ජීවිතයට හම්බෙනකම් විවාහ උන යුවලක් බලන් ඉන්නේ හරිම ආදරයෙන්.ඔව් ඔබ හිතුවා හරි පුංචිම පුංචි කිරි කැටියෙක් තමයි ඒ ආදරණීයම තිළිණය.ඒ කිරි කැටියා එනකම් පවුලේ හැමෝම වගේ ම වට පිටාවේ අයත් බලන් ඉන්නවා.පුංචි පැටවුන්ට ඉතින් අපි හැමෝම ගොඩාක් ආදරෙයිනේ.හැබැයි මේ බලන් ඉන්න අය අතරේ ගොඩාක් අය ඉන්නවා පුංචි පැටියා කුස දරන් ඉන්න අම්මාගේ හිත ගැස්සෙන කතා කියන.අද ලිපියෙන් බලාපොරොත්තු වෙන්නේ ඒ හිත බය කරන,හිතට වද දෙන කතා වලින් හිතට දැනෙන බය නැති කරලා දාන්න.එහෙනම් අපි බලමු ගර්භණී කාලය හා සම්බන්ධ මිත්‍යා මත සහ ඒවායෙහි සත්‍ය අසත්‍යතාවය.

ගර්භණී කාලයේ සුරතලුන් හැදුවාම බබා ඒ වගේ වෙනවා ද?

සුරතල් සතුන්ට අපි හැමෝම කැමතියිනේ.ඉතින් ගොඩාක් ගෙවල් වල බොහෝ දුරට සුරතල් බලු පැටියෙක්,පූස් පැටියෙක් වගේ සුරතල් සතෙක් ඉන්නවා.හැබැයි ගොඩාක් අපේ පැරැන්නෝ කියන කතාවක් තමයි දරුවෙක් හමිබෙන්න ඉන්න අම්මෙක් ඉන්න ගෙදරක සුරතල් සතෙක් හැදුවොත් අපෝ ඔය සතාව අල්ලන්න එපා,කොහෙට හරි ගිහින් දාන්න බබා ඒ වගේ වෙයි කියන එක.මේක සම්පූර්ණයෙන්ම බොරු කතාවක්.අත්දැකීමක් ඇසුරින් ගත්තොත් මගේ බබා ලැබෙන්න ඉන්න කාලේ මන් ලග හිටියා කලුපාට පොඩි බලු පැටියෙක් ගොඩාක් අය කීවා බබා ඔය වගේ වෙයි,බබා කලු වෙයි වගේ කතා.මන් කමක් නෑ කලුත් පාටක්නේ කියලා එයා මන් ලගම තියන් හිටියා.මොකද මන් පෞද්ගලිකව සත්තුන්ට ගොඩාක් ආදරේ කෙනෙක්.දන්නවාද මට ලැබුණේ සුදුම සුදු ලස්සනම ලස්සන රෝස මලක්.එයාත් සත්තුන්ට හරිම ආස බබෙක්.පරීක්ෂණ මගින් සොයාගෙන තියෙනවා ගර්භණී කාලයේ සුරතල් සතුන් ඇති කිරීම මනසට ඉතාමත්ම හිතකර බව.හැබැයි ඒ සතුන් එන්නත් කරලා පිරිසිදුව තියාගන්න.මොකද එයාලාගෙන් රෝග බෝවෙන්න පුලුවන්.

නොකා නොබී හිටියොත් බබා ලොකු වෙනවා ද?

තවත් කතාවක් හොදට බඩ හිරවෙන්න කෑවම බබා ලෙකු වෙන්නේ නෑ.හොදට හැදෙනවා.නොකා හිටියොත් බබා ලොකු වෙනවා කියන එක.ඇත්තම කියනවා බබා ඉන්නේ ආමාෂය ඇතුලේ නෙවෙයි ගර්භාෂය ඇතුලේ.ඉතින් කොහොමද කන කෑම නිසා බබා හිරවෙන්නේ.හැබැයි ඔයා ගන්න කෑම වල පෝෂණය වැදෑමහ හරහා පුංචි පැටියාට යනවා.ඒ නිසා ඔයා අනිවාර්යෙන්ම හොද පෝෂ්‍යදායි සමබල ආහාර වේලක් ගත යුතුමයි.

මාස 7ක් පහුවෙනකම් බබාගේ බඩු ගන්න එපා

මෙහෙම කියන්නේ නම් පැරැන්නෝ කියන විදියට මාස 7ට කලින් බබාට යම් හෙයකින් අනතුරක් උනොත් කියලා.මොකද ඉස්සර දැන් වගේ තාක්ෂණය දියුණු නෑ.හැබැයි දැන් බංඩියේ ඉන්න පැටියා ආරක්ෂා කරගන්නත් මිහිපිට දෙව්වරුන්ට පුලුවන්.ඒ වගේ ම ඒ බඩු දැක්කම අම්මාට දුකත් වැඩියිනේ.හැබැයි දැන්නම් කියන්නේ මාස 5ක් වෙද්දිවත් අම්මාගෙයි බබාගෙයි බඩු ලෑස්ති කරගන්න කියලා.මොකද මාස 5න් පස්සේ රෝහල් ගතවන ඕනෑම අවස්තාවක දි මේ බඩු අරගෙනයි රෝහල් ගත විය යුත්තේ.ඒ නිසා කවුරුත් කියන දේවල් වැඩිය ගනන් නොගෙන මාස 5ක් වෙද්දිවත් බඩු ටික ලෑස්ති කරගන්න.

මාස 3ක් පහුවෙනකම් කාටවත්ම කියන්න එපා

යම් හෙයකින් දරුපැටියා නැති උනොත් ගොඩාක් අය දැනන් හිටියම අම්මාගේ හිත රිදෙන තරම් වැඩියි.මොකද හම්බෙන හම්බෙන අය දුක බෙදාගන්නවට වඩා කරන්නේ හීනියට හිත රිද්දන එක.ඒ ඇරෙන්න කාටවත් කීවා කියලා කුසේ ඉන්න පුංචි පැටියාට කිසිම හානියක් සිද්ධ වෙන්නේ නෑ.

හැම එකටම දොස්තරලා හොයන්න යන්න එපා.

ගොඩාක් අය කියනවා හැම දේටම දොස්තරලා පස්සේයන්න එපා.හැම මාසේ ම ස්කෑන් පරීක්ෂණ කරන්න සුදුසු නෑ කියලා.ඇත්තටම ඔබේ තත්වය දන්නේ ඔබේ වෛදඔවරටා පමණයි.ඒ නිසා ඔබට යම් අසනීප තත්වයක් ඇත්නම් වෛද්‍යවරයෙක්ගේ උපදෙස් පැතිය යුතුමයි.

මේ කියන කාරණා ඔබේ ඔලුවට වැටුණා නම් ඔබ කල යුතු එකම දේ ගමේ වෛද්‍යවරුන්ගෙන් නැතිව ඔබේ උපාධියක් ඇති පුසව හා නාරිවේද වෛද්‍යවරයාගේ උපදෙස් පරිදි පමණක් කටයුතු කරන්න.තවත් මේ වගේ ලිපියකින් හමු වෙනකම් සතුටින් පරිස්සමෙන් ඉන්න.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *