කාන්තා හා පුරුශ මද සරුබාවය ඇතිවෙන්නෙ ඇයි?

කාන්තා හා පුරුශ මද සරුබාවය ඇතිවෙන්නෙ ඇයි?

ජීවිතයේ නොයෙක් නඩඉම් පසුකරමින්,බාධක මැද්දේ ඇවිත් ලස්සන විවාහ උත්සවයක් ගත් ආදරණීය යුවලකගේ ඊලග ආදරණීයම බලාපොරොත්තුව වන්නේ පුංචි දරු පැටියෙක්.බලාපොරොත්තු පොදි බැදගෙන සිටිද්දි දිනෙන් දින ලස්සන හීනය ඇස් මානෙන් බොද වෙලා යද්දි හිතට දැනෙන වේදනාව මෙතෙකැයි කියන්න බෑ.වේදනාව මැදින් ලෝකෙට පේන්න හිනා වෙලා ඉන්න හදනකොට අපේ සමාජයේ ඉන්න ගොඩාක් අය හදන්නේ ඒ වේදනාව තවත් වැඩි කරන්න මිසක් අඩු කරන්න නෙවෙයි.විවාහ දිවියට පත්වෙලා අවුරුද්දක් දෙකක් යනකොට චූටි පැංචෙක්ගේ හුරතල් හිනා හඩින් ගෙදර පිරුණේ නැත්නම් වටාපිටාවේ අය අහන්නේ තාම ලමයෙක් නැද්ද?අහවලාට නම් ලමයි දෙන්නෙක් ඉන්නවා.ලමයෙක් නැතිව නම් මොන සම්පත තිබුණත් වැඩක් නෑ.ඔන්න ඔය වගේ හිත රිදෙන කතා වලින් කන් දෙක පිරෙන්න ගන්නවා.ඉතින් දරුවෙක් ප්‍රමාද වීමට බලපාන කරුණු මොනවාද සහ මදසරුභාවය කියන්නේ මොකක් ද කියලායි අපි අද ලිපියෙන් කතා කරන්න බලාපොරොත්තු වන්නේ.

මදසරුභාවය යනු

ගැබ් ගැනීමේ බලාපොරොත්තුව සහිතව උපත් පාලනයකින් තොරව,කාන්තාවගේ සරු කාලයේ දී ලිංගිකව එකතු වූවත් මාස 12 – 16ක කාලයක් තුලදී දරුවෙක් පිළිසිද ගැනීමක් සිදු නොවන්නේ නම් එය මදසරුභාවය ලෙස හදුන්වනු ලබනවා.සාමාන්යෙන් උපත් පාලනයකින් තොරව දරුවෙකු බලාපොරොත්තුවෙන් ලිංගිකව එක්වෙනවා නම් ගැබි ගැනීමට ගතවන කාලය ප්‍රතිශතයක් ලෙස පහත පරිදි වේ.

  • මාස 3 ගතවන විට = 25%
  • මාස 6ක් ගතවන විට = 50%-60%
  • අවුරුද්දක් ගතවන විට = 90%

 

කෙටියෙන්ම කියනවා නම් දරුවෙකු පිලිසිද ගනීමට පමා වෙනවා නම් එය මදසරුභාවට ලෙස හදුන්වනු ලබනවා.වයස අනුව ඉහත සදහන් කල කාල පරාසය වෙනස් වෙනවා.එනම්,

  • වසය අවුරුදු 35ට අඩු නම් අවුරුදු 1ක්
  • වයස අවුරුදු 35ට වැඩි නම් මාස 6ක්

 ලෙසයි.මෙලෙස වයස් සීමාවන් වෙන් කර දක්වා ඇත්තේ ඔබව ඉක්මනින් වෛද්‍ය උපදෙස් සදහා යොමු කිරීමටයි. ප්‍රතිකාර මගින් මදසරුභාව  සුවකර චූටි පැටියෙක්ගේ හීනය හැබෑ කරගන්න පුලුවන්.කාන්තා සහ පිරිමි දෙපාර්ශවය තුලම මේ මදසරුභාවය ඇතිවිය හැකියි.

කාන්තාවක් තුල මදසරුභාවය ඇතිවීමට හේතු

1.  පොලිසිස්ටික් ඕවරි සින්ඩ්‍රොම්  තත්වය(PCOS) – මසකට වරක් ඩිම්බ කෝෂ වලින් ඩිම්බ පිට නොවී නොමේරු ඩිම්බ ඩිම්බ කෝෂ වල එක්රැස් වීම නිසා මෙම තත්වය ඇතිවෙනවා.ඩිම්බ පිට නොවීම නිසා සිරැරේ හෝමෝන  ක්‍රියාවලියේ අසමතුලිත තත්වයක් ඇතිවෙනවා.

  • කුරුලෑ අධික වීම
  • තරබාරු බව
  • උදරය ඉදිරියට නෙරා ඒම
  • තරබාරු බව
  • ඔසප් චක්‍රය අක්‍රමවත් වීම
  • ශරීරයේ අධික ලෙස රෝම ඇතිවීම

PCOS හි රෝග ලක්ෂණයන් ලෙස දක්වන්නට පුලුවන්.මෙම රෝග තත්වය පාලනයට තරබාරු බව අඩු කරගැනීම සහ ඩිම්බ මේරීමට වෛද්‍ය පුතිකාර අත්‍යවශ්‍යය වෙනවා.

2.   එන්ඩ්‍රොමෙට්‍රියොසිස් රෝගය(Endometrioses)-ඩිම්බ කෝෂ වල ගෙඩි හටගැනීම සහ ගර්භාෂයේ ඇතුලත බිත්තියේ පිහිටි සෛල වලට සමාන සෛල වෙනත් ස්ථාන වල අසාමාන්‍ය ලෙස පිහිටීම මෙම රෝග තත්වයට හේතු වෙනවා.ලැපරොස්කොපි සැත්කමක් මගින් රෝගි පටක ඊවත් කර නැවත ඇති නොවීමට වෛද්‍යය උපදෙස් අනුගමනය කල යුතු වේ.

3.   ගර්භාෂයේ ගෙඩි – ගර්භාෂයේ මාංශපේශි බිත්තියේ ෆයිබොයිඩ් ගෙඩි ඇතිවීම මෙලෙස හැදින්වෙනවා.මෙම ත්තවය නිසා මදසරුභාවය මෙන්ම ගබ්සා වීමද ඇතිවිය හැක.මයෝමෙක්ටමි සැත්කමක් මගින් මෙම ගෙඩි ඉවත් කල හැක.

4.   පැලෝපීය නාල අවහිර වීම – විෂබීජ ආසාදනයන් නිසා ඇති වූ සංකූලතාවයන්,කලින් සිදු කරන ලද සැත්කම් නිසා ඇතිවෙන පටක ඇලීම් හේතුවෙන් මෙම තත්වය ඇතිවිය හැක.

පුරුෂයන් තුළ මදසරුභාවය ඇතිවීමට හේතු

       1.ශුකාණු සම්බන්ධ ගැටලු

  • ශුක්‍රාණු වල ඝනත්වය අඩු වීම
  • ශුක්‍රාණුවල ගමන් කිරීමේ හැකියාව සහ වේගවත් බව අඩුවීම
  • ශුක්‍රාණු නිරෝගි නොවන අසාමාන්‍යය ස්වාභාවයක් ගැනීම
  1. ශුක්‍රාණු නිපදවීමේ සිට පිටවීම දක්වා ගමන් මාර්ගයේ බාධා ඇතිවීම.

       3.හෝමෝනමය බලපෑම්

                    තවත් ලිපියකින් මේ පිලිබදව වැඩිදුර විස්තර ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා.එතකම් පරිස්සමෙන් සතුටින් ඉන්න

Leave a Comment

Your email address will not be published. Required fields are marked *