ජීවිතයේ සුන්දරම අවස්ථාව ආදරයෙන් විඳගන්න ඔබ සුදානම්ද?

ජීවිතයේ සුන්දරම අවස්ථාව ආදරයෙන් විඳගන්න ඔබ සුදානම්ද?

මේ ලෝකේ පවතින උතුම්ම පදවිය තමයි මව් පදවිය කියන්නේ.මවක් වීමට සහ මවක් වීමෙන් පසු අසීමිත අපිරිමිත කැපකිරීම් කිරීම මේ ලෙස හදුන්වන්න හේතුවක් වෙන්න ඇති.ජීවිතයේ බලාපොරොත්තු,හීන ටිකෙන් ටික සැබෑ කරගනිමින් විවාහ දිවියට පත් වූ නව යුවලකගේ  මීළඟ සුභ සිහිනය තමයි කැදැල්ල සතුටින් පුරවන්න පුංචි පැටියෙක්ගේ ආගමනය.ඒ සුභ සිහිනය දකින ආදරණීය ඔබට මේ ලිපි පෙළ වැදගත් වේ යැයි අපි බලාපොරොත්තු වෙනවා.

මේ ලිපිය කියවන ඔබ අම්මා කෙනෙක් වෙන්න සූදානම් වෙනවා ඇති. නැතිනම් මවක් වීමට බලාපොරොත්තුවක් ඇති.එසේත් නොමැති නම් ඔබේ සැමියා සමග කතාබහ කරලා දරු පැටියෙක් ගේන්න සුදුසු කාල සීමාව තීරණය කරලා ඇති.සෑම කාන්තාවක්ම අත් දකින්න පෙරැම් පුරන පදවියකට සූදානම් වෙන ඔබ සැබවින්ම වි‍ශේෂයි.ඔබ දැනටමත් ගර්භනී වීමට සැලසුම් කරලා නම් මම මේ කියන කරුණු ඔයාට වැදගත් වේවි.

 

ගර්භණී වීමට පෙර ඔබ සැලකිලිමත් විය යුතු කරුණු

  • මුලින්ම ඔබ ෆෝලික් ඇසිඩ් බොන්න පටන් ගන්න.මුල් දවස් වල බොන්න අමතක වෙයි.ඒ නිසා කැලැන්ඩරයක දින සටහන් කරගෙන බොන්න පටන් ගන්න.ෆෝලික්ඇසිඩ් කළලයේ වර්ධනයට අත්‍යාවශ්‍යයම දෙයක් නිසා ඔබ අමතක නොකර ෆෝලික් ඇසිඩ් ලබා ගත යුතුයි.ඔබ දැනටමත් ගරභණී නම් ෆෝලික් ඇසිඩ් ලබාගෙන නොමැති නම් බිය විය යුතු නෑ.ඒ පිළිබදව ඔබේ වෛද්‍යවරයා දැනුවත් කරන්න.
  • ඔබේ මාසික ඔසප් වීමේ දිනය සටහන් කර තබාගැනීම මගින් ඔසප් දිනයේ යම් වෙනසක් තිබේ නම් ඒ පීළිබදව ඔබට දැනගැනීමට හැකියාව තිබෙනවා.
  • ඔබ ගැබ් ගැනීමට පෙර සැමියා සමග එක්ව පවුල් ඉතිහාසයේ සෞඛ්‍යය සම්පන්න බව පිළිබඳ සොයා බලන්න.දෙපාර්ශවයේම පවුල් වල අයට ජානමය රෝග,පිලිකා රෝග,විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සිටිනවාද මෙන් ම එවැනි අයට ඇති ඥාතීත්වය පිළිබදව සොයා බැලීමත් වැදගත්.
  • දුම්පානයට නිරාවරණය වීමෙන් වැලකීම සහ දුම්පානයෙන්,මත්පැන් භාවිතයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් විය යුතුයි.
  • සෞඛ්‍යය සම්පන්න ආහාර වේලක් ලබා ගැනීම මෙන්ම ව්‍යායාමත් ඔබේ සිරුරට අත්‍යාවශ්‍යයයි.

ඔබගේ මාසික ඔසප් දිනය පසුවෙනවා නම්,

ඔන්න දැන් ඔබේ මාසික ඔසප් දිනය පහුවෙනවා නම්,ඔබගේ සිරුරට යම් වෙනසක් දැනෙනවානම් ඔබේ අවධානය යොමු කිරීම අත්‍යාවශ්‍යයයි.ඔබේ ඔසප් දිනය පහු වෙලා නම් ඔබට නිවසේදි ම හෝ රසායනාගාරයකින් මූත්‍රා පරීක්ෂණයක් සිදු කර ගත හැකියි.නිවසේදි සිදු කරනවා නම් උදෑසන ලබාගන්නා ලද මූත්‍රා සාම්පලයකින් HCG පටි මගින් ඔබ ගැබ් ගෙනදැයි තහවුරු කරගත හැකියි.ගර්භණී බව තහවුරු කරගැනීමෙන් පසුව ඔබේ සැමියා සහ දෙමාපියන් පමණක් දැනුවත් කිරිම සෑහෙනවා.

 

ඔබට  ඔබගේ ගැබ් ගැනීම තහවුරු කරගනීමට HCG  රුධිර පරීක්ෂාවක්ද සිදුකර ගත හැකිය.ඔබට එය සුදුසුකම් ලත් පරීක්ෂණාගාරයකින් සිදු කර කරගැනීමට හැකියාව තිබෙනවා. 

ගර්භණී බව තහවුරු කරගැනීමෙන් පසු

වෛද්‍යවරයෙක් මුණගැසී ඔබගේ ගර්භනීභාවය තහවුරු කරගැනීමෙන් පසුව ඔබේ පෙදෙසේ සිටින පවුල් සෞඛ්‍යය සේවිකාව දැනුවත් කල යුතුයි.දැන් ඔබ ගර්භණීභාවය සම්බන්ධව ලියැවුණු පොත්පත් කියවීම මෙන්ම සමාජ මාධ්‍ය‍යේ ඇති ඒ හා සම්බන්ධ වැදගත් ලිපි කියවීමත් ඔබට මෙන්ම ඔබේ කුසේ වැඩෙන පුංචි කිරිකැටියාටත් ඉතාමත් හොදයි.

තවත් ලිපියකින් හමුවෙනකම් පරිස්සමෙන් ඉන්න.

 

ලියන්නේ
ඩිල්ශානි අබේසින්හ

Leave a Comment

Your email address will not be published. Required fields are marked *