දරු උපත පහසු කරගත හැකි ද?

ලොව ඇති වේදනාකාරීම වූත් සුන්දරම වූත් අත්දැකීමකට මුහුණ දිය හැක් ලොව ඇත් එකම පුද්ගලයා ගැහැණියයි.ඒ තමයි අම්මා.ඒ වේදනාව මෙතෙකැයි අපට කියන්න බෑ.වේදනාවක් විදලා ඊලග මොහොතේම කදුලු අතරින් සිනාසෙන්නෙත් අම්මා.ඒ තමයි දරු උපතෙන් පස්සේ රත්තරන් දරු පැටියාගේ මුහුණ දැක්කට පස්සේ.වේදනාවකින් පස්සේ තමාගේ පමණක් නොව තවත් ජීවියෙක් පෝෂණය කරමින් අලුත උපන් පැටියාගේ වගකීමත් කරට අරන් කැපවෙන එකම කෙනා අම්මා.අම්මා කියන වචනය එතරම්ම උත්තරීතරයි.ඒ උතුම් පදවියට අරුතක් එක් කරන්න අලුත් ලිපියක් අරන් අදත් මන් ආවා.අද අපි කතා කරන්න යන්නේ දරු උපතේ දි ඇතිවන වේදනාව අවම කර ගැනීමට අපට මුල සිට කල හැකි දේවල් මොනවාද කියලා කතා කරන්නයි.

ව්‍යයාම

 ලොකු කුඩා කොයි කාටත් ශරීරයට අත්‍යාවශ්‍යයම දෙයක් තමයි ව්‍යයාම කියන්නේ.ඇත්තෙන්ම ඔබ මවක් වෙන්න යනවා කියන්නේ ලෙඩක් නෙවෙයි.ඔබ ලොව ඇති උතුම්ම පදවියටයි සූදානම් වෙන්නේ.ඉතින් ඔබ ඇදට වැටීගෙනම කාලය ගත කල යුතු නෑ.ඔබේ ඇගට අපහසුවක් නැත්නම් ඔබ ක්‍රියාශීලිව සිටීම ඔබේ මෙන්ම කුසේ සිටින දරු පැට්යාගේ සෞඛ්‍යයට ඉතාමත් යහපත්.ඔබ අන්තර්ජාලයේ සැරිසරන කෙනෙක් නම් ඔබට දකින්නට ලැබේවි ගැබිණි මව්වරුන්ට ව්‍යයාම.ගෙදර දී පහසුවෙන් සිදු කල හැකි ව්‍යයාම ඔබටත් අත්හදා බලන්න පුලුවන්.ඒ වගේ ම ඔබට හැකි නම් දිනපතා ඇවිදින්න,මේ දේවල් ඔබට දරු උපත සදහා පහසුවෙන් මුහුණ දෙන්න මනා රුකුලක් වේවි.නමුත් ඔබ සංකූලතා තියෙන මවක් නම් ඔබේ වෛද්‍යවරයාගේ අනුදැනුම මත මේ දේවල් සිදු කල යුතුමයි.

භාවනාව

භාවනාව නම් ඉතින් ලොකු කුඩා කොයි කාටත් හොද දෙයක් නේ.ගර්භණී සමය කියන්නේ ටිකක් නොසන්සුන් කාලයක්.ඉක්මනින් කේන්ති යනවා.පොඩි දේටත් දුක හිතෙනවා.මේ තත්වය පාලනය කරගන්නත් භාවනාව ඉතාමත් වැදගත් වෙනවා.වැදගත්ම දේ තමයි භාවනාව මගින් අපිට පුලුවන් වනවා අපේ එහෙ මෙහෙ දුවන හිත එක තැනක තියාගන්න.දැන් ඔයාලා හිතයි භාවනා කරන්න කොහෙන්ද අනේ වෙලවෙක් කියලා.මේකට වෙනම වෙලාවක් අවශ්‍යය වන්නේ නෑ.ඔයාට පුලුවන් ගෙදර වැඩ කරන ගමන් ඒ වැඩේටම හිත යොමු කරන්න.ඒකත් එක්තරා විදියක භාවනාවක්.හිත එකග කරගන්න හොදම විදියක්.මේ විදියට හිත එකග කරගැනීම ඔයාලට දරු ප්‍රසූතියේ දි මනා පිටිවහලක් වේවි.

ශ්වසන අභ්‍යාස

ශ්වසන අභ්‍යාස ගැන නම් ඔයාලා දන්නවනේ.අන්තර්ජාලය පිරික්සලා ශ්වසන අභ්‍යාස හොයාගන්න පුලුවන්.විනාඩි පහකින් ආරම්භ කරලා වෙලාව ටික ටික වැඩි කරගන්නත් පුලුවන්.මේකෙදිත් සිද්ධවෙන්නේ හිත එකග කර ගැනීමක්.දරු ප්‍රසූතියේ දි මේ ශ්වසන අභ්‍යාස ලොකු පහසුවක් ගෙන එනවා.හොද හුස්මක් ඉහලට අරගෙන පහලට හෙලිමෙන් මෙම ශ්වසන අභ්‍යාස ආරම්භ කරගත හැකියි.භාවනාව වගේම වෙනත් වැඩක යෙදෙන ගමන් වුවත් මෙහි ඔබට නිරත වෙන්න පුලුවන්.

සැහැල්ලු පෝෂ්‍යදායි ආහාර

දරු ප්‍රසූතියෙ මුල් අවධියේ දි සැහැල්ලු ආහාර ගැනීම මගින් ඔබට දරු ප්‍රසූතිය සදහා ප්‍රමාණවත් ශක්තියක් ලැබෙනවා.ඒ වගේම දරු ප්‍රසූතියේ දි මාංශ පේශි හැකිලීම සහ වේගයෙන් හුස්ම ගැනීම නිසා ඔබේ සිරුරෙන් විශාල දියර පුමාණයක් වැයවෙනවා.එම නිසා අනිවාර්යෙන් මතක් කරලාම වතුර හොදට  පානය කරන්න.එය ප්‍රසූතිය  පහසු කරගන්න මනා පිටිවහලක් වේවි.

ඔබේ වෛද්‍යවරයාග් උපදෙස් පිලිපදින්න.

ඔබට පහසු දරු ප්‍රසූතියක්  ලබාගැනීමට නම් ඔබගේ ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයගේ උපදෙස් පරිද කටයුතු කල යුතුමයි.ඔබගේ විටමින්,ඔබගේ සෞඛ්‍යය තත්වය මත ලබා දෙන බෙහෙත් නිසියාකාරව ගත යුතුයි.එමෙන් ම නිරතුරුවම ඔබ සැහැල්ලු මනසකින් සිටිය යුතුමයි.

                            මවක් වෙනවා කියන්නේ ඇත්තෙන්ම ලේසි පහසු කාර්්‍යයක් නෙවෙයි.වගකීමි ගොන්නක් කර මත තබාගන්නා ජීවිතයට අරුතක් එක් කරගන්නා පදවියක්.එමපදවියට ඔබ සැහැල්ලු මනසින් මුහුණ දෙන්න.ඔබට සියල්ලක් ම පහසු වෙනවා නොඅනුමානයි.එහෙනම් තවත් මෙවැනි ම වැදගත් ලිපියක්න් නැවත හමුවෙනකම් සතුටින් පරිස්සමින් ඉන්න.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *