දරු උපත ගැන ඔබ දැනුවත් ද?

පුංචි දරු පැටියෙක් කියන්නේ සම්පතක්.කිරි කැටියෙක් ඉන්න ගෙදරක සිරියාව මේ තරම් කියලා කියන්න බෑ.හැබැයි මේ ගමන එතරම් පහසු නෑ.මව් පදවිය කියන උත්තරීතර පදවියට එන්න ගැහැණියක් අසීමාන්තික කැපවීමක් කරනවා.හැබැයි ඒ හැමදේම කරන්නේ පුදුම තරම් ආසාවකින් පුදුම තරම් භක්තියකින්.පලමු දරු උපත සිදු කරන කාන්තාවක් නම් ගොඩාක් ආසාවෙන් වගේම බයෙන් තමයි මේ දරු උපතට මුහුණ දෙන්නේ.මොකද එයාට අත්දැකීමක් නැතිකම නිසා වගේම වටපිටාවේ අය කියන කතා නිසා බයවෙලායි ඉන්නේ.අන්න ඒ නිසායි අපි අද මේ ගැන කතා කරන්න හිතුවේ.ඔයත් දරු උපතට බයෙන් ඉන්න මවක්ද?එහෙනම් කියවන්න මේ ලිපිය.අපි මුලින්ම බලමු සාමාන්‍යය දරු ප්‍රසුතිය ගැන.

සාමාන්‍යය දරු  ප්‍රසුතිය               

 සාමාන්‍යය දරු ප්‍රසුතියට ගොඩාක් අම්මලා බයයි.ඒකට ප්‍රධානම හේතුව තමයි නොදැනුවත්කම සහ වටපිටාවේ මිනිසුන් කියන දේවල් වලින් අනවශ්‍යය බියක් ඇති කරගැනීම.ඒ වගේම ප්‍රසුත වේදනාවට මුහුණ දීමට තියෙන බය සහ මෙම ප්‍රසුතිය නිසා තමාගේ වගේම දරු පැටියාගේ ජීවිතයට හානියක් වෙයි කියලා ගොඩාක් අම්මලා හිතනවා.හැබැයි එහෙම වෙන්නේ නෑ.ඒක අනවශ්‍යය බියක්.

සාමාන්‍යය දරු ප්‍රසුතිය යනු කුමක් ද?

යෝනි මාර්ගය ඔස්සේ දරුවා බිහි කිරීම සාමාන්‍යය දරු දි ප්‍රසුතියේ දි සිදු වේ.මෙය ස්වාභාවිකව දරුවා බිහි කරන ක්‍රමයයි.සාමානයය දරු ප්‍රසුතියේ දි මව පිළිබදව මෙන්ම දරුවා ගැනද නිරන්තරයෙන් අධීක්ෂණය කිරීම සදහා වෛද්‍යයවරුන්,හෙද සේවිකාවන් මෙන්ම පවුල් සෞඛ්‍යය සේවිකාවන් ද සිටිනවා.ඒ නිසා ඔබ අනවශ්‍යය බයක් ඇති කරගත යුතු නෑ.

සමාන්‍යය දරු ප්‍රසුතියේ දිවේදනාව අවම කිරීමට ක්‍රම තිබෙනවා ද?

දැන් තාක්ෂණය ගොඩාක් දියුණුයි.ඉස්සර කාලේ වගේ අම්මාට වේදනාවන් විදින්න අවශ්‍යය නෑ.වේදනාව අවම කිරීමට ක්‍රමය නූතන වෛද්‍යය විද්‍යාව විසින් හොයාගෙන තියෙනවා.අපි දැන් බලමු වේදනාව අවම කරන ක්‍රමය මොනවාද කියලා.

  • එන්නත් මගින්
  • වායු මගින් (නයිටුජන් වායුව)
  • එපිඩියුරල් ක්‍රමය මගින්

මෙයින් සුදුසුම  ක්‍රමය කුමක්ද?

මෙයින් බහුලවම භාවිතා වන්නේ එන්නත් ක්‍රමයයි.වර්තමානයේ දි සාමාන්‍යය ප්‍රසුති‍යේ දි බහුලවම භාවිතා වන ක්‍රමය වන්නේ එපිඩියුරල් ක්‍රමය යි.මෙහි දී සිදු වන්නේ එපිඩියුරල් එන්නත කොන්දට එන්නත් කිරීම මගින් වේදනාව අවම කිරීමයි.මෙම එපිඩියුරල් ලබාදීම මගින් හිරිවැටීමක් සිදු වුණත් යම්තාක් දුරට දැනීමක් තියෙනවා.

සාමාන්‍යය  ප්‍රසුතියේ ඇති වාසි

  • සාමාන්‍යය දරු උපතක් අත්විදිය හැකියි.
  • එදිනෙදා වැඩ කටයුතු වලට ඉක්මනින් අවතීරණය වීමේ හැකියාව තියෙනවා.
  • සාමාන්‍යය පුසූතියේ දි පසු ප්‍රසව රුධිර වහනය අවම වේ.

සාමාන්‍යය දරු පුසූතියේ ඇති අවාසි

  • දරුවාට ඔක්සිජන් අවම වීම නිසා ඇතිවන ගැටලු(මෙය ඇතිවන්නේ 2% ක පමණය.)
  • දරුවා ප්‍රමාණයෙන් විශාල නම් දරුවා හිරවීම.
  • මලපහ පිටවීම සහ ඒවා දරුවාට පෙවීම.

සිසේරියන් සැත්කම

සිසේරියන් සැත්කම යනු උදරයේ සිදු කරන ලද කැපුමක් මගින් දරුවා පිටතට ගැනීමයි.මෙම සිසේරියන් සැත්කම ආකාර 2ක් වේ.එනම්

  1. සැලසුම් කල සිසේරියන් සැත්කම – මෙහි දී සිසේරියන් සැත්කම අවශ්‍යය බව වෛද්‍යවරුන් කලින් හදුනා ගෙන සුදුසු දිනයක සැත්කම සිදු කරනු ලබනවා.මවගේ ඉල්ලීම කැමැත්ත පරිදීද මෙම සැලසුම් සහගත සිසේරියන් සැත්කම සිදු කරනු ලබනවා.
  2. හදිසි සිසේරියන් සැත්කම – සාමාන්‍යය ලෙස දරු ප්‍රසුතිය හෝ ඉදිරි දිනයක සිසේරියන් සැත්කමකට සැලසුම් කල මවක් ඊට සූදානම් වන කාලය ඇතුලත යම් සංකූලතාවයකට ලක් වුවහොත් දරුවාගේ සහ මවගේ ජීවිත අවදානමෙන් වලක්වා ගැනීමට මෙය සිදු කරනු ලබනවා.

සිසේරියන් සැත්කම සිදු කරනු ලබන්නේ මව පියව් සිහියෙන් සිටියදී යි.සැත්කමට පෙර කොදු ඇට පෙළට නික්ෂේපණය කරන ඖෂධයක් මගින් නාභියෙන් පහල කොටස හිරි වැටීමකට ලක් කරනු ලබනවා.උදරයේ පහලින් හරස් අතට සෙන්ටිමීටර 10 ක පමණ කුඩා කැපුමක් යොදනවා.මෙය හදුන්වන්නේ bikini line incision ලෙසයි.

සිසේරියන් සැත්කමේ වාසි

  • දරුවාට ඇතිවන හානි අවම වේ.
  • මවට ඒ වෙලාවේ වේදනාවක් නොදැනේ.

සිසේරියන් සැත්කමේ අවාසි

  • මවට තනිව වැඩ කරගැනීමට අපහසු වේ.
  • දෙවන ගැබ් ගැනීමේ දි ප්ලැසෙන්ටා පීවියා තත්වය(වැදෑමහ පහලින් පිහිටීම මෙලෙස හැදින්වේ) ඇතිවිය හැකිය.
  • පසු කාලීන කොන්දෙ වේදනාව ඇතිවිය හැක.
  • බොහෝ අවස්ථා වල පලමුව සිසේරියන් සැත්කමකට භාජනය වූ මවක් දෙවන දරුවාද බිහි කරන්නේ සිසේරියන් සැත්කම මගිනි.

                               සිසේරියන් සැත්කම වූවත් සාමාන්‍යය දරු ප්‍රසුතිය වූවත් අම්මා කෙනෙක් විදින වේදනාව සම කරන්න බෑ.දෙකටම මවක් පුදුමාකාර කැපකිරීමක් කරනවා.කතාවක් තියෙනවා සීසර් අමමෙක්ට දරු දුක නෑ කියලා.දරු දුක කැපුමකට සිමා කරන්න බෑ.මොන විදියකින් උනත් අමමා තමන්ගේ පණටික මේ ලෝකෙට පරිස්සමින් අරන් එන්නේ වේදනා ගොඩාක් මැද්දේ.ඔයත් ප්‍රසුතියට මුහුණ දෙන්න ඉන්න මවක් නම් අනවශ්‍යය පීඩනයක් ගන්න එපා.සැහැල්ලුවෙන් ඒ සුන්දර මොහොතට ආදරණීයව මුහුණ දෙන්න.විශ්වාස කරන්න ඒ මොහොත ජීවිතේ විදින සුන්දරම හැගුම්බරම මොහොත වෙයි.තවත් ලිපියකින් හමුවෙනකම් සතුටින් පරිස්සමෙන් ඉන්න.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *