ගොඩ වෙදකමින්වත් දරුවෙක් ලබාගන්න පුලුවන් වෙයි ද?

නූතන වෛද්‍ය විද්‍යෙව් දියුණුවත් සමගම මැකී යන දෙයක් තමයි හෙල වෙදකම එහෙමත් නැත්නම් ආයුර්වේද ප්‍රතිකාරය.පසුගිය ලිපියෙන් අපි කතා කරේ දරුවන් නොමැති වීම එහෙමත් නැත්නම් මදසරු බවට සිදු කල හැකි බටහිර ප්‍රතිකාරය ගැනයි.අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මදසරු බවට සිදුකල හැකි ආයුර්වේද ප්‍රතිකාර ක්‍රමය පිලිබදවයි. බටහිර වෛද්‍යය විද්‍යෙව් දී මදසරු බාවය ලෙස හැදින්වූවත් ආයුර්වේදයේ සදහන් කරන්නේ ‘වන්ද්‍යාබාවය“ ලෙසයි.මදසරු භාවයේ දී කාන්තාවට මෙන්ම පුරුෂයාට ප්‍රතිකාර  කිරීම සිදු කරනු ලබනවා.ආයුර්වේදයේදී මෙම ප්‍රතිකාරය තුන් ආකාරයකින් සිදු කරනු ලබනවා.එනම්

  1. බාහිර ප්‍රතිකාරය
  2. අභ්‍යන්තර ප්‍රතිකාරය
  3. ස්ථානික ප්‍රතිකාරය ලෙසයි.

බාහිර ප්‍රතිකාර ලෙස තෙල්ගෑම,තැවීම ආදියද අභ්‍යන්තර ප්‍රතිකාර ලෙස චූර්ණ පෙති,කල්ක ලේහ ආදි ආයුර්වේද ඖෂධ බීමට දෙනු ලැබේ.ස්ථානික ප්‍රතිකාරයේ දි සිදු කරනු ලබන්නේ සම්බාහනය කිරීමයි.නමුත් මෙම ප්‍රතිකාර ක්‍රම ආයුර්වේදය අනුව පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා.

කලලයක් නිර්මාණය වීමට කොටස් කිහිපයක් සම්පූර්ණ විය යුතුයි.ආයුර්වේදයේ ද එය මෙසේ වර්ග කරනු ලබනවා.

  • සෟතු- නිසි වයස
  • ශීර්ෂ – ගර්භාෂය
  • බීජ – කාන්තාවගේ ඩිම්බ සහ පුර්ෂයාගේ ශුක්‍රානු
  • අබු – හෝමෝන කියාකාරිත්වය හෙවත් පෝෂණය

ආයුර්වේදයට අනුව කාන්තාවගේ සහ පුර්ෂයාගේ මෙම කරුණු හතර සම්පූර්ණ වුවහොත් දරුවෙක් පිලිසිද ගැනීම සිදු වෙනවා.නමුත් මේවායේ යම් යම් දුර්වලතා හේතුවෙන් දරුවෙකු පිළිසිද ගැනීම ප්‍රමාද වෙනවා.මෙහි දී බහුල වන්නේ බීජ නිසි පරිදි නොමේරීමයි.එයට ආයුර්වේදයේ සදහන් හේතුව වන්නේ අම්ල විෂමතාවයයි.අම්ල විෂමතාවයට හේතු

  • රැකියාවේ ගැටලු
  • සාමාජීය ගැටලු
  • කෟතිම ආහාර වලට හුරු වීම
  • නිසි වේලාවට ආහාර නොගැනීම
  • ඌෂණාධික ආහාර ගැනීම.

මානසික මට්ටම පහත වැටීම ආයුර්වේදය අනූව මදසරු බවට මූලිකම හේතුවක්.මේ සදහා ආයුර්වේදයේදි ආගමානුකූලව මෙන් ම යෝග ව්‍යායාමය තුලින් මානසික මට්ටම දියුණු කරනවා.මෙමගින් රුධිර සංසරණය මනා ලෙස සිදුවෙනු ලබනවා.

හෝමෝන වල කියාකාරීත්වය පටන් ගන්නේ මොළයෙනි.මෙහි දී වන්ද්‍යාබාවයට හිසට බාහිර ප්‍රතිකාරවිධි සිදු කරනු ලබනවා.හිසට ශීරෝලේප හෙවත් ඖෂධීය බෙහෙත් ගැල්වීමක් සිදු කරනු ලබනවා.මෙමගින් හෝමෝන කියාකාරිත්වය වැඩි වෙනු ලබනවා.ස්ථානිකව උදරයේ තෙල් ගල්වා සම්බාහනය කිරීම සිදු කරනු ලබනවා.ඉන්පසු උදරය කිරි වලින් නහවා උදරයේ ඖෂධ තලපයක් ගල්වනු ලබනවා.මෙමගින් බලාපොරොත්තු වන්නේ හෝමෝන ශක්තිය ඇති කිරීම සහ හෝමෝන කියාකාරීත්වය ක්‍රමවත් කිරීමයි.මේ ප්‍රතිකාර ස්ථානිකව ප්‍රධාන වශයෙන් ප්‍රජනන පද්ධතිය ඉලක්ක කරගෙන සිදු කරනු ලබනවා.

මෙවැනි වැදගත් ලිපියකින් නැවතත් හමුවෙනකම් සතුටින් පරිස්සමෙන් ඉන්න.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *