Uncategorized

කාන්තා හා පුරුශ මද සරුබාවය ඇතිවෙන්නෙ ඇයි?

කාන්තා හා පුරුශ මද සරුබාවය ඇතිවෙන්නෙ ඇයි? ජීවිතයේ නොයෙක් නඩඉම් පසුකරමින්,බාධක මැද්දේ ඇවිත් ලස්සන විවාහ උත්සවයක් ගත් ආදරණීය යුවලකගේ ඊලග ආදරණීයම බලාපොරොත්තුව වන්නේ පුංචි දරු පැටියෙක්.බලාපොරොත්තු පොදි බැදගෙන සිටිද්දි දිනෙන් දින ලස්සන හීනය ඇස් මානෙන් බොද වෙලා යද්දි හිතට දැනෙන වේදනාව මෙතෙකැයි කියන්න බෑ.වේදනාව මැදින් ලෝකෙට පේන්න හිනා වෙලා ඉන්න හදනකොට අපේ සමාජයේ ඉන්න ගොඩාක් අය හදන්නේ ඒ වේදනාව තවත් වැඩි කරන්න මිසක් අඩු කරන්න නෙවෙයි.විවාහ දිවියට පත්වෙලා අවුරුද්දක් දෙකක් යනකොට චූටි පැංචෙක්ගේ හුරතල් හිනා හඩින් ගෙදර පිරුණේ නැත්නම් වටාපිටාවේ අය අහන්නේ තාම ලමයෙක් නැද්ද?අහවලාට නම් ලමයි දෙන්නෙක් ඉන්නවා.ලමයෙක් නැතිව නම් මොන සම්පත තිබුණත් වැඩක් නෑ.ඔන්න ඔය වගේ හිත රිදෙන කතා වලින් කන් දෙක පිරෙන්න ගන්නවා.ඉතින් දරුවෙක් ප්‍රමාද වීමට බලපාන කරුණු මොනවාද සහ මදසරුභාවය කියන්නේ මොකක් ද කියලායි අපි අද ලිපියෙන් කතා කරන්න බලාපොරොත්තු වන්නේ. මදසරුභාවය යනු ගැබ් ගැනීමේ බලාපොරොත්තුව සහිතව උපත් පාලනයකින් තොරව,කාන්තාවගේ සරු කාලයේ දී ලිංගිකව එකතු වූවත් මාස 12 – 16ක කාලයක් තුලදී දරුවෙක් පිළිසිද ගැනීමක් සිදු නොවන්නේ නම් එය මදසරුභාවය ලෙස හදුන්වනු ලබනවා.සාමාන්යෙන් උපත් පාලනයකින් තොරව දරුවෙකු බලාපොරොත්තුවෙන් ලිංගිකව එක්වෙනවා නම් ගැබි ගැනීමට ගතවන කාලය ප්‍රතිශතයක් ලෙස පහත පරිදි වේ. මාස 3 ගතවන විට = 25% මාස 6ක් ගතවන විට = 50%-60% අවුරුද්දක් ගතවන විට = 90% කෙටියෙන්ම කියනවා නම් දරුවෙකු පිලිසිද ගනීමට පමා වෙනවා නම් එය මදසරුභාවට ලෙස හදුන්වනු ලබනවා.වයස අනුව ඉහත සදහන් කල කාල පරාසය වෙනස් වෙනවා.එනම්, වසය අවුරුදු 35ට අඩු නම් අවුරුදු 1ක් වයස අවුරුදු 35ට වැඩි නම් මාස 6ක්  ලෙසයි.මෙලෙස වයස් සීමාවන් වෙන් කර දක්වා ඇත්තේ ඔබව ඉක්මනින් වෛද්‍ය උපදෙස් සදහා යොමු කිරීමටයි. ප්‍රතිකාර මගින් මදසරුභාව  සුවකර චූටි පැටියෙක්ගේ හීනය හැබෑ කරගන්න පුලුවන්.කාන්තා සහ පිරිමි දෙපාර්ශවය තුලම මේ මදසරුභාවය ඇතිවිය හැකියි. කාන්තාවක් තුල මදසරුභාවය ඇතිවීමට හේතු 1.  පොලිසිස්ටික් ඕවරි සින්ඩ්‍රොම්  තත්වය(PCOS) – මසකට වරක් ඩිම්බ කෝෂ වලින් ඩිම්බ පිට නොවී නොමේරු ඩිම්බ ඩිම්බ කෝෂ වල එක්රැස් වීම නිසා මෙම තත්වය ඇතිවෙනවා.ඩිම්බ පිට නොවීම නිසා සිරැරේ හෝමෝන  ක්‍රියාවලියේ අසමතුලිත තත්වයක් ඇතිවෙනවා. කුරුලෑ අධික වීම තරබාරු බව උදරය ඉදිරියට නෙරා ඒම තරබාරු බව ඔසප් චක්‍රය අක්‍රමවත් වීම ශරීරයේ අධික ලෙස රෝම ඇතිවීම PCOS හි රෝග ලක්ෂණයන් ලෙස දක්වන්නට පුලුවන්.මෙම රෝග තත්වය පාලනයට තරබාරු බව අඩු කරගැනීම සහ ඩිම්බ මේරීමට වෛද්‍ය පුතිකාර අත්‍යවශ්‍යය වෙනවා. 2.   එන්ඩ්‍රොමෙට්‍රියොසිස් රෝගය(Endometrioses)-ඩිම්බ කෝෂ වල ගෙඩි හටගැනීම සහ ගර්භාෂයේ ඇතුලත බිත්තියේ පිහිටි සෛල වලට සමාන සෛල වෙනත් ස්ථාන වල අසාමාන්‍ය ලෙස පිහිටීම මෙම රෝග තත්වයට හේතු වෙනවා.ලැපරොස්කොපි සැත්කමක් මගින් රෝගි පටක ඊවත් කර නැවත ඇති නොවීමට වෛද්‍යය උපදෙස් අනුගමනය කල යුතු වේ. 3.   ගර්භාෂයේ ගෙඩි – ගර්භාෂයේ මාංශපේශි බිත්තියේ ෆයිබොයිඩ් ගෙඩි ඇතිවීම මෙලෙස හැදින්වෙනවා.මෙම ත්තවය නිසා මදසරුභාවය මෙන්ම ගබ්සා වීමද ඇතිවිය හැක.මයෝමෙක්ටමි සැත්කමක් මගින් මෙම ගෙඩි ඉවත් කල හැක. 4.   පැලෝපීය නාල අවහිර වීම – විෂබීජ ආසාදනයන් නිසා ඇති වූ සංකූලතාවයන්,කලින් සිදු කරන ලද සැත්කම් නිසා ඇතිවෙන පටක ඇලීම් හේතුවෙන් මෙම තත්වය ඇතිවිය හැක. පුරුෂයන් තුළ මදසරුභාවය ඇතිවීමට හේතු        1.ශුකාණු සම්බන්ධ ගැටලු ශුක්‍රාණු වල ඝනත්වය අඩු වීම ශුක්‍රාණුවල ගමන් කිරීමේ හැකියාව සහ වේගවත් බව අඩුවීම ශුක්‍රාණු නිරෝගි නොවන අසාමාන්‍යය ස්වාභාවයක් ගැනීම ශුක්‍රාණු නිපදවීමේ සිට පිටවීම දක්වා ගමන් මාර්ගයේ බාධා ඇතිවීම.        3.හෝමෝනමය බලපෑම්                     තවත් ලිපියකින් මේ පිලිබදව වැඩිදුර විස්තර ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා.එතකම් පරිස්සමෙන් සතුටින් ඉන්න

ගුණ කෑමයි පැටියට කිරි කළයයි

බලාපොරොත්තුවෙන් ඉදපු පුංචිපැටියා ඔන්න දැන් ලගට ඇවිත්. මුලු පවුලම සිරියාවන්ත කමින් පිරිලා ගිහින්.හැබැයි එක්කෙනෙක් නම් පොඩි හිත් කරදරයකින් ඉන්නේ.ඒ තමයි අම්මා.පැටියා හම්බෙලා මුල්ම කිරි බීවට පස්සේ පැටියා කිරි බොනවා හොරයි වගේ අම්මට දැනෙනවා.ඉතින් පැටියා බඩගින්නේ කියලා අම්මා ඉන්නේ හිතේ කනස්සල්ලෙන්.අද ලිපියෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වන්නේ මව් කිරි වඩවන ආහාර පාන ගැනයි.                  පැටියා මව් කුසෙන් එලියට ඇවිත් වැදෑමහ ගර්භාෂයෙන් වෙන් වූ විට කිරි නිපදවීම ආරම්භ වෙනවා.මේ ලෝකේ කිරි නිෂ්පාදනය කරන කර්මාන්තශාලා කොතරම් තිබුණද අපූර්වතම කිරි නිපදවන කර්මාන්තශාලාව පියයුරයි.අම්මාට එරෙන මුල්ම කිරි පැරැන්නෝ හැදින්වූයේ රන්කිරි ලෙසයි.ඒ කතාව නම් ඇත්තම කතාවක්.මුල්ම කිරි ටික රත්තරන්.මේ කිරි රන්කිරි ලෙස හදුන්වන්න එක හේතුවක් තමයි අම්මාට එරෙන මුල්ම කිරි ටික රන්පැහැ හෙවත් කහපැහැති වීම.එලෙස හදුන්වන්න පුධානම හේතුව තමයි මේ මුල් කිරි ටිකේ පැටියාට අවශ්‍යය ආහාර පෝෂක,විටමින් වර්ග,රෝග වලින් ආරක්ෂා කිරීමට අවශ්‍යය ශක්තිය හා පමණට ජලය නොඅඩුව ගැබ්ව පවතිනවා.මේ නිසා පැටියා මේ ලෝකෙට ආවට පස්සේ හැකි ඉක්මනින් එනම් පැය භාගයක් ඇතුලත මුල් කිරි ටික පැටියාට දීම අනිවාර්ය්‍යයි.වැඩිහිටියන්ගේ කටවහරෙන් කියන මේ රන්කිරි විද්‍යාත්මකව හදුන්වන්නේ කොලෙස්ට්‍රෙම්  ලෙසයි.අපි දැන් බලමු කිරි එරෙන ආහාර වර්ග මොනවාද කියලා.හැබැයි ඊට කලින් මතක තියාගන්න ඕන වැදගත්ම කාරණය තමයි දරුවා කිරි උරන තරමට තමයි කිරි නිපදවීම සිදුවෙන්නේ,මොකද දරුවා කිරි උරන සෑමවිටම මවගේ මොලයට පණිවිඩයක් යැවෙන නිසා.මතක තියාගන්න අඩන්න ඕන කිරි එරෙන්න නෙවෙයි.උරන්න ඕන කිරි එරෙන්න. කිරි අගුණ සහ තිත්ත අගුණ නම අගුණ උනාට මේක නම් පුදුම ගුණ කෑමක්.ගමේ ගොඩේ නම් පැටියෙක් ආවාම වැඩිහිටියන් බලන්නේම මේ ගුණකෑම දෙන්න.මොකද පැටියාගේ කුස පුරවන එක අම්මාගේ වගකීමක් උනාට පවුලේ හැමෝම මේ බර කරට අරගෙනයි ඉන්නේ.බොහෝ ගුණ ඇති මේ අගුණ කොළ සම්බෝලය හෝ මැල්ලුමකට මේ කොල එකතු කර ගැනීමෙන් කළ ගණන් කිරි එරවා ගන්න පුලුවන්. ජපන් බටු කොළ හෙවත් සිංගප්පූරු කොළ වැඩිහිටියන් අතර කිරි එරවා ගන්න පචලිත ආහාරයක් තමයි මේ ජපන් බටුකොළ.ජපන් බටුකොළ වල ඇති මව්කිරි නිපදවීමේ හැකියාව ගැන මෑතකදි කළ විද්‍යාත්මක පරීක්ෂණ වලින් තහවුරු කරගෙන තියෙනවා.මෙම කොළ කලවම් පලා ව්‍යාංජනයට එක් කරගත හැකි රසවත් ගුණවත් පලා වර්ගයක්.නමුත් මෙම කොළ අමුවෙන් ගැනීමේ අතුරු ප්‍රතිපලය ලෙස ශ්වසන ආබාධ ඇතිවන බව කියවෙන නිසා අමු සම්බෝල හෝ යුෂ පානයෙන් වැළකිය යුතුයි. කොස් ගහ යටින් ගියත් කිරි එරවෙන අරුම පුදුම මැජික් ගහ.ගෙඩිය පොඩි කාලේ පොලොස් ලොකු වෙනකොට කොස්.ගෙඩිය මොන කාලයේ දි උනත් මැල්ලුම් පොලොස්,පොලොස් ඇබුල,කිරිකොස්,කොස් මැල්ලුම් යනාදි මොන විදියකට සකස් කර ගත්තත් කිරි දෙන මවට දීමෙන් වඩ වඩාත් කිරි එරවා ගන්න පුලුවන්.නමුත් කොස් වාතය ඇතිකිරීමට හැකි බැවින් සුදුලූණු , ගම්මිරිස් දමා සකස් කර ගැනීමෙන් එම ගතිය මග හරවා ගත හැක. තැම්බුම් හොදි ඉස්සර කාලයේ නම් දරුවෙක් බිහි කරපු අම්මෙක්ට මුලින් ම දුන්නේ මේ තැම්බුම් හොද්ද.දරුවා බිහි උනාට පස්සේ අම්මා ඉන්නේ ගොඩාක් වෙහෙසෙන්.මේ වෙහෙස නැති කරන්නත්,තුවාල ඉක්මනින් සුව කිරීමටත්,දරු උපතෙන් පසු ගර්භාෂයේ ඉතිරි වූ පටක සහ රුධිර කැටි ඉවත් කර ගර්භාෂය සංකෝචනය කිරීම,මෙන්ම කිරි එරවීම උත්තේජනය යන බහුවිධ ගුණයන්ගෙන් යුක්ත මේ තැම්බුම් හොද්ද මහරග ඖෂධයක්.කිරි දෙන කාලයේ ඔබට හැකි නම් සතියකට එක් වරක් හෝ තැම්බුම් හොද්ද පානය කරන්න,ඔබේ පැටියාට බංඩිය පිරෙන්න කිරි නම් ලැබේවි. සුදුලූණු දරු උපතෙන් පසු පලමු දින කිහිපයේ දි පිළිස්සූ සුදුලූණු සමග කිතුල් හකුරු දීම පැරණි කාලයේ සිට පැවත එන දෙයක්.මෙලෙස ලබාදීමේ මූලික පරමාර්ථය තමයි ම්කිරි සාවය උත්තේජනය කිරීම සහ එහි දීර්ඝකාලීන පවත්වා ගැනීමයි.සුදුලූණු වල මෙන්ම කිතුල් හකුරු වලත් මව්කිරි නිපදවීමේ හැකියාව ඇති නිසා මෙය නම් මහගු ඖෂධයක්.එමෙන්ම සෑම ව්‍යාංජනයකට සුදුලූණු එක් කරගැනීමෙන් කිරි නිපදවීමේ හැකියාව වැඩිවෙනවා.සුදුලූණු වලට අමතරව උලුහාල්,සූදුරු,මහදුරු,කොත්තමල්ලි එකට තම්බා දීමෙන් කිරි කල හතක් පැටියාට පොවන්න පුලුවන් කියලා තමයි පැරැන්නෝ නම් කීවේ.                                           මෙයටඅමතරව තම සිගිත්තා වෙනුවෙන් ලෙය කිරට හරවන ඔබට ගත හැකි ආහාර වර්ග නම් බොහෝමයි.ඒවා නම් ·         කරවිල ·         කිරිහැන්ද ·         කෙසෙල් මුව ·         කුරක්කන් ·         හබල පෙති ·         කොත්තමල්ලි ·         බතල ·         රාජ අල ·         රතුලූණු ·         මුරුංගා ·         අමුපැපොල් ·         වට්ටක්කා ·         නෙලුම් අල ·         මෙනේරි මුංඇට වැනි ධාන්‍ය වර්ග ·         කිරිමෝරු ·         කුඩාමාලු                                               මේ සදහන් කරපු ආහාර වර්ගත් සමග පෝෂ්‍යදායි සමබර ආහාර වේලක් සමග නිසියාකාරව වතුර බොනවා නම් ඔයාගේ පැටියාගේ බංඩිය පිරෙන්න කිරි කල හතක් එරෙනවා නොඅනුමානයි.එහෙනම් තවත් ලිපියකින් මුණගැහෙනකම් පරිස්සමෙන් ඉන්න.

ඔබ මදසරු බවට ප්රතිකාර ගන්න කෙනෙක් ද?

ඔබ මදසරු බවට ප්රතිකාර ගන්න කෙනෙක් ද? ලෝකයේ පවතින උතුම්ම පදවිය වන්නේ මව් පදවියයි.ඒ වගේමයි ලෝකයේ පවතින උතුම්ම සම්පත තමයි දරු සම්පත.ආසියාතික රටවල නම් මේක බහුලවම බලපානවා.චූටි දරුපැටියෙක්ට නවුද අකමැති.ජීවිතයේ අපි කවුරුත් ආසම කරන දෙයක් තමයි චූටි පැටියෙක්ගේ හුරතල් හිනාහඩ,හුරතල් කතාබහ.විවාහ වෙලා වසරක් ගිය පසුත් දරු පැටියෙක්ගේ හිනා හඩක් නැත්නම් අපි නොකරන දෙයක් නෑ නේද?විශේෂයෙන්ම ලාංකිකකයන් වශයෙන් අපි.ඉතින් මම හිතුවා අද ලිපියෙන් ඔයාලා එක්ක බෙදාගන්න දරු පැටියෙක් පරක්කුයි නම් අපිට කරන්න පුලුවන් දේවල් මොනවා ද කියලා.මුලින්ම  අපි බලමු අපි මේ සදහා ශාරිරිකව කල යුතු දේවල් මොනවා ද කියලා. දවසට විනාඩි 15ක් හෝ ව්‍යයාම වල යෙදෙන්න. ඔබ මහතින් වැඩි කාන්තාවක් නම් ඔබ මුලින්ම ඔබේ බර ටිකක් අඩු කරගන්න. හොදින් වතුර පානය කරන්න.අවම වතුර ලීටර 3ක්වත් පානය කරන්න. පෝෂ්‍යදායි සමබල ආහාර වේලක් ගන්න. අසනීප තත්වයක් නැත්නම් දිනපතා ස්නානය කරන්න. ඇග සිසිල් කරන ආහාර පාන ලබා ගන්න.උදාහරණයක් විදියට ගත්තොත් පැල මුං තැබිලි කොලකැද ගොටුකොල නිවිතිය බාර්ලි සව් නෙල්ලි රණවරා උෂ්ණ කෑම වලින් වළකින්න. ඔබගේ ඔසප් වීම අක්‍රමවත් නම් මේ දේවල් නොකඩවා මාස 3ක් කිරීමෙන් ඔබට මනා ප්‍රතිපල ලබා ගත හැකියි.ඒ වගේමයි අපි මානසික පීඩනයකින් ඉදගෙන මේ දේවල් කරාට අපට මනා ප්‍රතිපලයක් ලැබෙන්නේ නෑ.මේ හැමදේටම බලපාන්නේ අපේ මනසයි.ඒ නිසා අපි මුලින්ම අපේ මනස ශක්තිමත්ව තියා ගත යුතුයි.ඒ සදහා කල හැකි දේවල් නම්, දිනපතා විනාඩි 20ක් පමණ භාවනා කරන්න. – භාවනාව කියන්නේ ලොකු කුඩා කොයි කාගෙත් හිත නිවන හිත සනහන දෙයක්.ඔබ භාවනාවේ යෙදෙනවා නම් ඔබටම දින කිහිපයකින් වෙනස වැටහේවි.දරු පැටියෙක් නොමැතිව නොසන්සුන් ඔබේ මනස සැහැල්ලු වෙනවා ඔබට දැනේවි. යෝගා ව්‍යායාම වල යෙදෙන්න .- යෝගා කියන්නෙත් හිත නිවන භාවනාවක්.යෝගා කිරීමෙන් මනසට වගේම ශරීරයටත් සැහැල්ලුවක් දැනෙනවා.මනස සුවපත් කරගන්න ඉතාමත් හොද ක්‍රමයක්. බෝධි පූජාවල් පවත්වන්න.- මනසට බෙහෙතක් කීවොත් නිවැරදියි.හිත සුවපත් වන දෙයක්.ඔබ බුදුදහමේ නම් ඔබට පුලුවන් ආගමික ස්ථානයකට ගිහින් බෝධි පූජාවක් පවත්වලා ඔබගේ මනස නිදහස් කරගන්න.ඔබ වෙනත් ආගමක නම් ඒ ඒ ආගම් වල තියෙන වතාවත් පිලිපදින්න.අනිවාර්යෙන්ම මානසික නිදහස ඔබ කරා ලගා වෙනු ඇත. ධනාත්මකව සිතන්න.-විශ්ව නියමය විශ්වාස කරන්න.අපි නිතර සිතන දේවල් අපේ යටි හිතේ තැම්පත් වෙනවා.ඔබ නොදන්නවා උනාට ඔබ නිතරම සිතනවා නම් අනේ මට දරුවෙක් නෑනේ.මට දරුවෙක් ලැබෙන්නේ නැතිවෙයි ද? වගේ දේවල් හිතුවොත් ඇත්තටම දරු පැටියෙක් ඔබ ලගට එන්න පරක්කු වේවි.ඒ නිසා හැමවෙලේම හිතන්න මගේ පැටියා ඉක්මනින් ම මන් ලගට ඒවි කියලා. පින් දහම් කරන්න- කෙනෙක්ට දෙයක් දෙනවා කියන්නේ පුදුමාකාර පිනක්.නැතිබැරි කෙනෙක්ට දෙයක් දීලා බලන්න.ඒ මුහුණේ ඇතිවන හිනාව ඔබගේ මනස පමණක් නෙවෙයි මුලුආත්මයම සුවපත් කරාවි. ඔබ මදසරු බවට ප්‍රතිකාර ගන්න කෙනෙක් නම් බෙහෙත් කරන ගමන්ම ඉහත සදහන් දේවලුත් කරලා බලන්නකෝ.ඔබට ඉක්මන් ප්‍රතිඵල ලැබේවි.නමුත් ප්‍රතිකාර ගන්න නම් අමතක කරන්න එපා.එහෙනම් හිත නිවන .දැනුම බෙදන තවත් වැදගත් ලිපියකින් හමුවෙනකම් සතුටින් පරිස්සමෙන් ඉන්න.

ජීවිතයේ සුන්දරම අවස්ථාව ආදරයෙන් විඳගන්න ඔබ සුදානම්ද?

ජීවිතයේ සුන්දරම අවස්ථාව ආදරයෙන් විඳගන්න ඔබ සුදානම්ද? මේ ලෝකේ පවතින උතුම්ම පදවිය තමයි මව් පදවිය කියන්නේ.මවක් වීමට සහ මවක් වීමෙන් පසු අසීමිත අපිරිමිත කැපකිරීම් කිරීම මේ ලෙස හදුන්වන්න හේතුවක් වෙන්න ඇති.ජීවිතයේ බලාපොරොත්තු,හීන ටිකෙන් ටික සැබෑ කරගනිමින් විවාහ දිවියට පත් වූ නව යුවලකගේ  මීළඟ සුභ සිහිනය තමයි කැදැල්ල සතුටින් පුරවන්න පුංචි පැටියෙක්ගේ ආගමනය.ඒ සුභ සිහිනය දකින ආදරණීය ඔබට මේ ලිපි පෙළ වැදගත් වේ යැයි අපි බලාපොරොත්තු වෙනවා. මේ ලිපිය කියවන ඔබ අම්මා කෙනෙක් වෙන්න සූදානම් වෙනවා ඇති. නැතිනම් මවක් වීමට බලාපොරොත්තුවක් ඇති.එසේත් නොමැති නම් ඔබේ සැමියා සමග කතාබහ කරලා දරු පැටියෙක් ගේන්න සුදුසු කාල සීමාව තීරණය කරලා ඇති.සෑම කාන්තාවක්ම අත් දකින්න පෙරැම් පුරන පදවියකට සූදානම් වෙන ඔබ සැබවින්ම වි‍ශේෂයි.ඔබ දැනටමත් ගර්භනී වීමට සැලසුම් කරලා නම් මම මේ කියන කරුණු ඔයාට වැදගත් වේවි. ගර්භණී වීමට පෙර ඔබ සැලකිලිමත් විය යුතු කරුණු මුලින්ම ඔබ ෆෝලික් ඇසිඩ් බොන්න පටන් ගන්න.මුල් දවස් වල බොන්න අමතක වෙයි.ඒ නිසා කැලැන්ඩරයක දින සටහන් කරගෙන බොන්න පටන් ගන්න.ෆෝලික්ඇසිඩ් කළලයේ වර්ධනයට අත්‍යාවශ්‍යයම දෙයක් නිසා ඔබ අමතක නොකර ෆෝලික් ඇසිඩ් ලබා ගත යුතුයි.ඔබ දැනටමත් ගරභණී නම් ෆෝලික් ඇසිඩ් ලබාගෙන නොමැති නම් බිය විය යුතු නෑ.ඒ පිළිබදව ඔබේ වෛද්‍යවරයා දැනුවත් කරන්න. ඔබේ මාසික ඔසප් වීමේ දිනය සටහන් කර තබාගැනීම මගින් ඔසප් දිනයේ යම් වෙනසක් තිබේ නම් ඒ පීළිබදව ඔබට දැනගැනීමට හැකියාව තිබෙනවා. ඔබ ගැබ් ගැනීමට පෙර සැමියා සමග එක්ව පවුල් ඉතිහාසයේ සෞඛ්‍යය සම්පන්න බව පිළිබඳ සොයා බලන්න.දෙපාර්ශවයේම පවුල් වල අයට ජානමය රෝග,පිලිකා රෝග,විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සිටිනවාද මෙන් ම එවැනි අයට ඇති ඥාතීත්වය පිළිබදව සොයා බැලීමත් වැදගත්. දුම්පානයට නිරාවරණය වීමෙන් වැලකීම සහ දුම්පානයෙන්,මත්පැන් භාවිතයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් විය යුතුයි. සෞඛ්‍යය සම්පන්න ආහාර වේලක් ලබා ගැනීම මෙන්ම ව්‍යායාමත් ඔබේ සිරුරට අත්‍යාවශ්‍යයයි. ඔබගේ මාසික ඔසප් දිනය පසුවෙනවා නම්, ඔන්න දැන් ඔබේ මාසික ඔසප් දිනය පහුවෙනවා නම්,ඔබගේ සිරුරට යම් වෙනසක් දැනෙනවානම් ඔබේ අවධානය යොමු කිරීම අත්‍යාවශ්‍යයයි.ඔබේ ඔසප් දිනය පහු වෙලා නම් ඔබට නිවසේදි ම හෝ රසායනාගාරයකින් මූත්‍රා පරීක්ෂණයක් සිදු කර ගත හැකියි.නිවසේදි සිදු කරනවා නම් උදෑසන ලබාගන්නා ලද මූත්‍රා සාම්පලයකින් HCG පටි මගින් ඔබ ගැබ් ගෙනදැයි තහවුරු කරගත හැකියි.ගර්භණී බව තහවුරු කරගැනීමෙන් පසුව ඔබේ සැමියා සහ දෙමාපියන් පමණක් දැනුවත් කිරිම සෑහෙනවා. ඔබට  ඔබගේ ගැබ් ගැනීම තහවුරු කරගනීමට HCG  රුධිර පරීක්ෂාවක්ද සිදුකර ගත හැකිය.ඔබට එය සුදුසුකම් ලත් පරීක්ෂණාගාරයකින් සිදු කර කරගැනීමට හැකියාව තිබෙනවා.  ගර්භණී බව තහවුරු කරගැනීමෙන් පසු වෛද්‍යවරයෙක් මුණගැසී ඔබගේ ගර්භනීභාවය තහවුරු කරගැනීමෙන් පසුව ඔබේ පෙදෙසේ සිටින පවුල් සෞඛ්‍යය සේවිකාව දැනුවත් කල යුතුයි.දැන් ඔබ ගර්භණීභාවය සම්බන්ධව ලියැවුණු පොත්පත් කියවීම මෙන්ම සමාජ මාධ්‍ය‍යේ ඇති ඒ හා සම්බන්ධ වැදගත් ලිපි කියවීමත් ඔබට මෙන්ම ඔබේ කුසේ වැඩෙන පුංචි කිරිකැටියාටත් ඉතාමත් හොදයි. තවත් ලිපියකින් හමුවෙනකම් පරිස්සමෙන් ඉන්න. ලියන්නේ ඩිල්ශානි අබේසින්හ