ඔබ මදසරු බවට ප්රතිකාර ගන්න කෙනෙක් ද?

ඔබ මදසරු බවට ප්රතිකාර ගන්න කෙනෙක් ද?

ලෝකයේ පවතින උතුම්ම පදවිය වන්නේ මව් පදවියයි.ඒ වගේමයි ලෝකයේ පවතින උතුම්ම සම්පත තමයි දරු සම්පත.ආසියාතික රටවල නම් මේක බහුලවම බලපානවා.චූටි දරුපැටියෙක්ට නවුද අකමැති.ජීවිතයේ අපි කවුරුත් ආසම කරන දෙයක් තමයි චූටි පැටියෙක්ගේ හුරතල් හිනාහඩ,හුරතල් කතාබහ.විවාහ වෙලා වසරක් ගිය පසුත් දරු පැටියෙක්ගේ හිනා හඩක් නැත්නම් අපි නොකරන දෙයක් නෑ නේද?විශේෂයෙන්ම ලාංකිකකයන් වශයෙන් අපි.ඉතින් මම හිතුවා අද ලිපියෙන් ඔයාලා එක්ක බෙදාගන්න දරු පැටියෙක් පරක්කුයි නම් අපිට කරන්න පුලුවන් දේවල් මොනවා ද කියලා.මුලින්ම  අපි බලමු අපි මේ සදහා ශාරිරිකව කල යුතු දේවල් මොනවා ද කියලා.

  • දවසට විනාඩි 15ක් හෝ ව්‍යයාම වල යෙදෙන්න.
  • ඔබ මහතින් වැඩි කාන්තාවක් නම් ඔබ මුලින්ම ඔබේ බර ටිකක් අඩු කරගන්න.
  • හොදින් වතුර පානය කරන්න.අවම වතුර ලීටර 3ක්වත් පානය කරන්න.
  • පෝෂ්‍යදායි සමබල ආහාර වේලක් ගන්න.
  • අසනීප තත්වයක් නැත්නම් දිනපතා ස්නානය කරන්න.
  • ඇග සිසිල් කරන ආහාර පාන ලබා ගන්න.උදාහරණයක් විදියට ගත්තොත්
    • පැල මුං
    • තැබිලි
    • කොලකැද
    • ගොටුකොල
    • නිවිතිය
    • බාර්ලි
    • සව්
    • නෙල්ලි
    • රණවරා
  • උෂ්ණ කෑම වලින් වළකින්න.

ඔබගේ ඔසප් වීම අක්‍රමවත් නම් මේ දේවල් නොකඩවා මාස 3ක් කිරීමෙන් ඔබට මනා ප්‍රතිපල ලබා ගත හැකියි.ඒ වගේමයි අපි මානසික පීඩනයකින් ඉදගෙන මේ දේවල් කරාට අපට මනා ප්‍රතිපලයක් ලැබෙන්නේ නෑ.මේ හැමදේටම බලපාන්නේ අපේ මනසයි.ඒ නිසා අපි මුලින්ම අපේ මනස ශක්තිමත්ව තියා ගත යුතුයි.ඒ සදහා කල හැකි දේවල් නම්,

  • දිනපතා විනාඩි 20ක් පමණ භාවනා කරන්න. – භාවනාව කියන්නේ ලොකු කුඩා කොයි කාගෙත් හිත නිවන හිත සනහන දෙයක්.ඔබ භාවනාවේ යෙදෙනවා නම් ඔබටම දින කිහිපයකින් වෙනස වැටහේවි.දරු පැටියෙක් නොමැතිව නොසන්සුන් ඔබේ මනස සැහැල්ලු වෙනවා ඔබට දැනේවි.
  • යෝගා ව්‍යායාම වල යෙදෙන්න .- යෝගා කියන්නෙත් හිත නිවන භාවනාවක්.යෝගා කිරීමෙන් මනසට වගේම ශරීරයටත් සැහැල්ලුවක් දැනෙනවා.මනස සුවපත් කරගන්න ඉතාමත් හොද ක්‍රමයක්.
  • බෝධි පූජාවල් පවත්වන්න.- මනසට බෙහෙතක් කීවොත් නිවැරදියි.හිත සුවපත් වන දෙයක්.ඔබ බුදුදහමේ නම් ඔබට පුලුවන් ආගමික ස්ථානයකට ගිහින් බෝධි පූජාවක් පවත්වලා ඔබගේ මනස නිදහස් කරගන්න.ඔබ වෙනත් ආගමක නම් ඒ ඒ ආගම් වල තියෙන වතාවත් පිලිපදින්න.අනිවාර්යෙන්ම මානසික නිදහස ඔබ කරා ලගා වෙනු ඇත.
  • ධනාත්මකව සිතන්න.-විශ්ව නියමය විශ්වාස කරන්න.අපි නිතර සිතන දේවල් අපේ යටි හිතේ තැම්පත් වෙනවා.ඔබ නොදන්නවා උනාට ඔබ නිතරම සිතනවා නම් අනේ මට දරුවෙක් නෑනේ.මට දරුවෙක් ලැබෙන්නේ නැතිවෙයි ද? වගේ දේවල් හිතුවොත් ඇත්තටම දරු පැටියෙක් ඔබ ලගට එන්න පරක්කු වේවි.ඒ නිසා හැමවෙලේම හිතන්න මගේ පැටියා ඉක්මනින් ම මන් ලගට ඒවි කියලා.
  • පින් දහම් කරන්න- කෙනෙක්ට දෙයක් දෙනවා කියන්නේ පුදුමාකාර පිනක්.නැතිබැරි කෙනෙක්ට දෙයක් දීලා බලන්න.ඒ මුහුණේ ඇතිවන හිනාව ඔබගේ මනස පමණක් නෙවෙයි මුලුආත්මයම සුවපත් කරාවි.

ඔබ මදසරු බවට ප්‍රතිකාර ගන්න කෙනෙක් නම් බෙහෙත් කරන ගමන්ම ඉහත සදහන් දේවලුත් කරලා බලන්නකෝ.ඔබට ඉක්මන් ප්‍රතිඵල ලැබේවි.නමුත් ප්‍රතිකාර ගන්න නම් අමතක කරන්න එපා.එහෙනම් හිත නිවන .දැනුම බෙදන තවත් වැදගත් ලිපියකින් හමුවෙනකම් සතුටින් පරිස්සමෙන් ඉන්න.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *