දරු උපතෙන්පසු මව

ලොව පවතින්නේ මව නිසා යැයි කීවොත් වැරදි නෑ කියලා මං හිතනවා.මොකද ඒ තරම්ම මව් පදවිය කියන්නේ උතුම් උත්තරීතර පදවියක්.ගර්භණී කාලයේ නම් පැටියා කුසේ දරන් ඉන්න නිසා අම්මට සැලකුම් බොහොමයි.ඒත් මේ සැලකීම පැටියා එලියට ආවට පස්සේ ටිකක් අඩු වෙනවා.මොකද වැඩි සැලකිලි පුංචි පැටියාටනේ.ඔන්න අද අපි කතා කරන්න යන්නේ දරු උපතෙන් පස්සේ සැලකිලිමත් විය යුතු කාරණා සහ මවගේ මානසිකත්වය ගැන.

දරු උපතෙන් පසු පෝෂණීය ආහාර අත්‍යවශයද?

පැටියා අපේ අතට එන්න කලින් බංඩියේ  ඉන්න කාලේ නම් පැටියා ගැන හිතලා හොද සමබල ආහාර වේලක් ගත්තා නේද?දැන් ඉතින් පැංචා අපේ අතේනේ.දැන් අපි හොද කෑමවේලක් ගන්න ඕන නැද්ද?ඔහේ අතට අහුවෙන දෙයක් කෑවම ඇති.අපි එහෙම හිතනවා.ඇත්තටම පැටියාගේ වැඩයි,එයා අඩනකොට නලවන්නයි ගියාම කන්නවත් වෙලාවක් නෑ තමයි.එක්කෝ බත් එක අතට ගත්ත ගමන් පැටියා අඩනවා.ඔන්න ඉතින් අම්මා බත් එක දාලා දුවනවා.අපේ පැටියා තාම මේ ලෝකෙට ආවා විතරයි.එයා පුංචියි.මාස 6ක්ම එයා ජීවක් වෙන්නේ ඔයාගේ කිරෙන්.ඔයාගේ පෝෂණය තමයි බබාට යන්නේ.ඒ නිසා පැටියා ආවා කියලා නෑ ඔයා අනිවාර්යෙන්ම හොද සමබල ආහාර වේලක් ගත යුතුමයි.ඒක ඔයාගේ ශරීරය යථා තත්වයට පත්වෙන්නත් උපකාරි වෙනවා.

පිරිසිදු භාවය

මේ ගැන නම් කතා කල යුතුමයි.පැටියා ලැබිලා ගෙදර ආවාට පස්සේ අපේ අම්මලා වැඩිහිටි ගැහැණු උදවිය මේ අලුත් අම්මට නාන්න දෙන්නේ නෑ.උනු වතුර නාන්න කියනවා.මේවා නම් නූතන වෛද්‍ය විද්‍යාව අනුව අනුමත කරන්නේ නෑ.සාමාන්‍යය දරු උපතක් සිදු කිරීමේ දී මවට යොදන විටපීය කැපුම නැවත සකස් කරන මැහුම් උනුවතුර හේතුවෙන් ගැලවෙන්න පුලුවන්.අම්මා දිනපතා ස්නානය කිරීමෙන් කිරි නිපදවීම වැඩි කරනවා වගේම මවගේ මානසික මට්ටමට ඉතාමත් හිතකරයි.ඒ වගේම තුවාල සුව වීමටත් දිනපතා පිරිසිදුව සිටීම ඉතාමත් වැදගත්.මේ නිසා ඔබ දිනපතා ස්නානය කරන්න.ඉන්පසු උනුසුම් තේ කෝප්පයකින් ශරීරය උණුසුම් කරගන්න.ඒ වගේම ඔබගේ තුවාලය නිතරම පිරිසිදුව තෙත මාත්තු කර තබාගන්න.

නින්ද

මෙයනම් අලුත් මවකට හීනයක්.පැටියා අඩනවා එහෙන් තුවාලයේ වේදනාව.නමුත් අලුත් මවකට නින්ද ඉතාමත් අත්‍යාවශ්‍යයි.මානසික සුවයට ඉතාම වැදගත් සාධකයක් තමයි නින්ද.ඔබට පුලුවන් පැටියාට කිරි නිසියාකාරයෙන් දොවා සැමියාට හෝ ඔබගේ උදව්වට සිටින කෙනාට පැටියා ඇහැරුණාම ඒ ටික දෙන ලෙස දන්වා පැය 5ක සුව නින්දක් හෝ ලබාගන්න,එය ඔබටමහත් අස්වැසිල්ලක් වේවි.

දරු උපතෙන් පසු ඔබ වෛද්‍යවරයෙක් මුණගැසිය යුතු අවස්ථා

  • දෙපා ඉදිමී තිබීම.
  • තද හිසරදය
  • තුවාලයෙන් සැරව ගැලීම හෝ දුගදක් හැමීම.
  • උණ සමග සීතල
  • අධික රැධිර වහනය

කිරිකැටියා වෛද්‍යවරයාට පෙන්විය යුතු අවස්ථා

  • ඇස් කහ වී තිබීම
  • දරුවාගේ අසාමාන්‍යය හැඩීම.
  • ශරීරාය් යම් ස්ඨානයක් නිල් පැහැ වී ඇත්නම්

දරු උපතෙන් පසු මවගේ මානසික සෞඛ්‍යය

චූටි පැටියෙක් ගෙදරට ආවාම හැමේම වැධි අවධානයක් දෙන්නේ පුංචි පැටියාටයි.අම්මා ගැන අවධානය යොමු කරනවා ටිකක් අඩුයි.නමුත් ඔබ දන්නවාද වැඩිපුරම අවධානය යොමුකල යුත්තේ මවටයි.ඇය ගොඩාක් කලබලයෙන් වගේම කනස්සල්ලෙන් ඉන්නේ.ඒ වගේම පැටියා් බලන්න එන අයගෙන් පිටවන සමහරක් නොසැලකිලිමත් වදන් නිසා මවගේ මානසික මට්ටම තවත් පහල වැටෙන්න.පැටියා කලුයි නේද?පැටියා චූටියි,ඔයාට කිරි මදි වගේ නේද වගේ හිත රිදෙන වදන් නම් කිසිසේත්ම කියන්න එපා.ඒ වගේ නොසැලකිලිමත් වදන් මවටත් බිලිදාටත් දෙදෙනාටම ජීවිතය අහිමි කිරීමට තරම් මානසිකව වට්ටන්න තරම් දරුණුයි.ඔබට පුලුවන් නම් මල් මිටක් ඇය වෙනුවෙන් අරන් යන්න ඇය ගොඩාක් සතුටු වේවි.ඔබට පුලුවන් නම් ඇය විවේක ගන්නකම් ඇයගේ වැඩ කරලා දෙන්න එය ඇයට මහත් අස්වැසිල්ලක් වේවි.ඒ නිසා ඔබ කිසිම විටෙක මවකගේ මානසික පීඩනයට හේතුවක් වෙන්න එපා.ඇයට සැමියාගේ ආදරය කරුණාව අත්‍යාවශයම මොහොතක් තමයි දරු උපතෙන් පසු අවස්ථාව.

තවත් මවකට සහනයක් අස්වැසිල්ලක් වෙන්න පුලුවන් ආදරණීය ලිපියකින් හමුවෙනකම් පරිස්සමෙන් ඉන්න.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *